chapter 13

73 9 8
                                    

ඒත් බස් එකෙන් බැහැලා හොස්පිට්ල් එකේ එන්ට්‍රස් එක ලගට විතරයි එන්න හම්බුනේ.
හෝන් එක උඩ නැගගෙන බයික් දෙකක් විතර ආවේ පාර දෙපැත්තේ හිටිය හැමෝගෙම අවදානේ ඒ පැත්තට අරන්.

කිරි අප්පට බල්ලෝ බුරපි කීවලු. අසල්වැසියෙක්ගේ මැරතන් එකක් නේද. ඒකනේ මේ අනවුස්මන්ට් එකක් දීගෙන යන්නේ. ඈතින් සෙට් එකක් හති ඇර ඇර දුවන් එනවාත් පේන්නේ.

" අප්පටසිරි අමතක උනානේ බන්. අද RCC යේ මැරතන් එක. කොහෙද මේ අපේ මැරතන් එකේ සිහියෙන් ඒක කියන්න අමතක වුනානේ "

අනවුස්මන්ට් එක යනවත් එක්කම සදරුවන් අයියා ලගට ඇවිත් කිව්වේ ඈතින් දුවන් එන සෙට් එක දිහා බලාගෙන. මුගේ මේ අමතක වෙන ලෙඩේටනම් බෙහෙතක් දෙන්නම වෙනවා. ඇයි යකෝ කොච්චර වටින පනිවිඩයක්ද මේ අමතක කරලා තියෙන්නේ.

" සෑර්........ මේක බලලම යමුකෝ අනේ....."

මැරතන් එක මෙතනින් ගිහින් ඉවර වෙනකන් ඉමු කියලා මගේ හිතත් කියද්දි ඒ එක්කම වගේ ඩෙනා කෝච් සර් ලගට ගිහින් බටර්පාර දාන්න ගත්තේ දුවන්නේ කොහොමත් දන්න කියන අය හින්දා. අනික ඉතින් අපිත් ආස නැතැයි බලන්න.

මන් දන්න තරමින් හවුස් මීට් ටිකේ අපේ ස්කෝල සෙට් එකේ මැරතන් එකට වැඩිම දුරක් දුවන්නේ RCC එකේ අය . එයාලට කිලෝමීටර් හතක් විතර දුවන්න වෙනවා. ඊටත් වැඩිද මන්දා. අපේ සෙට් එකටනම් කිලෝමීටර් හතරයි ගානක්නේ සෙට් වෙන්නේ. මේ පාරනම් ඒක පහක්වෙයිද මන්දා. KCC එකෙත් ඒවගේ දුරක්. එහෙම බලපුහාම ඉතින් මේ මැරතන් එකේ මුල් ප්ලේස් ටික ගන්න සෙට් එක තමා වැඩ්ඩෝ. අනික එච්චර දුරක් අල්ලගෙන දුවන එකම ලොකු දෙයක්. ඒක ඉතින් අපි කිව්වට බෑ. දුවන අය තමා රගේ දන්නේ. කොච්චර නම් මහන්සී කියලද. ඒක හින්දා සාමාන්‍යයෙන් අන්තිමයා උනත් තරගේ ඉවර කරන හැමෝටම ලකුන ගානේ දෙනවා. හැබැයි තරගේ ඉවර කරන්න ඕනේ. පලවෙනියගේ ඉදන් පල්ලට ලකුණු අඩුවෙවී අඩුවෙවී ප්ලේස් එකේ විදිහට ලකුණු හම්බෙන්නේ. මුල් ප්ලේස් ටිකම එකම හවුස් එකකට ආවොත් ගොඩම තමා. සාමාන්‍යයෙන් ස්පෝර්ට් මීට් එකේ නිවාස වලට ලේසියෙන්ම ලකුණු ස්කෝර් කරන්න තියන තරගෙ තමා මේක. ඒක හින්දා දුවන්න වගේම ගේම අල්ලන් ඉන්න පුලුවන් හොදම සෙට් එකක් තෝරලා තමා මැරතන් එකට දාන්නේ.

crushWhere stories live. Discover now