ආගන්තුක පිරිමි ලමයා -1st tale ★

1.2K 41 2
                                    

Nova POV :

මම Lucas Noah de Silva , හැමෝම මට කතා කරන්නේ නෝවා කියලා,මම යන්තන් 22 ට පය තිබ්බා විතරයි,ගෙදරට වෙලා ඉන්න බැරි නිසා තාත්තගේ හොටෙල් එකේ වැඩ බලන්න බාරගත්තට මටනම් මේ මල මගුල එපා වෙලා ඉන්නේ,කොල්ලෝ එක්ක එකතු වෙලා school ground එකේ volley ball ගහනවා තරම් නැ, මම ඉස්කෝලේ ගියේනම් ගමේ ස්කොලෙට නෙමෙයි.ටවුන් එකේ බොයිස් කොලෙජ් එකට එත් ගමේ පොඩි උනුයි ලොකු උනුයි ඔක්කොම මට එකතු නිසා ගමේ ඉස්කෝලෙත් මගේ වගේ තමා, දැන් වගකිම් ගොඩයි,තාත්තානම් මතක ඇති කාලේ ඉදන්ම රට තමා,දැන් ලොකු බොස්ගෙ ප්ලැන් ඒක මාව එහෙට ගන්න එක,, ඉගෙනගන්න ටික හොදට කරාට මොකද කැම්පස් ආවත් යන්නනම් උනන්දුවක් තිබ්බේ නැ,ඉතිං මම අතෑරිය. කොහොමත් තාත්තගෙ බිස්නස් ටික බලාගන්න එයා මෙහෙ නැති නිසා මට කොහොමත් එ හැමදෙකම වගකීම දරන්න වෙනවා,මගේ අම්මා නැති උනේ මම 4 වසරේ ඉද්දී මට තව ලොකු අයියා කෙනෙක් ඉන්නවා එයාත් තාත්තා එක්ක රට ඉන්නේ, එයා married මම ඉන්නේ ආච්චි එක්ක, තාත්තගේ අම්මා,
පොඩි කාලේ ඉදන් මට අම්ම උනේ එයා තමා අද වෙනකංම,ගමටම තියෙන ලොකුම ගෙදර අපේ උනාට වැඩක් නැ සොහොනක් උඩ බැඳපු ගෙදරක් වගේ මෙහෙම හරි තියෙන්නේ ආච්චි ඉන්න නිසා,ගෙදර ඇතුලට ඇතුලු වෙද්දී දැනෙන තනිකම කියාගන්න තේරෙන්නේ නැ,වෙලාවකට හිතෙනවා වාහනේම නිදාගන්න.මොනා කරන්නද? ආච්චි නිසා මෙහෙම හරි ඉන්නේ.

මම අපෙ පල්ලියේ නම් හොඳ නමක් ගියපු කොල්ලෙක් තරුණ සමිතියේ සභාපතියත් මම ඒ කාලේ ඉදන්, එත් වැඩත් එක්ක ඒ දේවල් සිමා වෙද්දි නත්තල්,පාස්කු,මන්ගල්ලයකට ඇරෙන්න
පල්ලි යන එක සීමා වෙලා තිබ්බේ. පොඩ්ඩක් ඇගෙන් ලොකුයි තමා එත් කොල්ලා තාම පොඩියි, හිත අවුල් හැම වෙලාවේම පල්ලියට යන ඒක තමයි මම කරන්නේ, අපේ පල්ලිය ගමේ මිනිස්සුන්ට ගෙදර වගේ.මේ දවස්වල නත්තල් ලග නිසා කට්ටිය බරටම වැඩ , පල්ලිය ලඟ ඉදන් අපේ ගෙදරට වැඩි දුරක් නැ,ඉතිං පල්ලියේ සීනු සද්දේ ගීතිකා සද්දේ හොදට අපේ ගෙදරට ඇහෙනවා,

එදා මගේ නිවාඩු දවස, නත්තලට දවස් දෙකයි,ඊයේ මුළු රෑම වැහැල වැහලා පාන්දර පායපු පාර අඩිය තියද්දී තාම බිම එරෙනවා,පල්ලියේ ගීතිකා දාලා ගමටම ඇහෙන්න,මමත් ගීතිකාව මුමුණ මුමුණ පල්ලිය පැත්තට ගියා.මම ඇතුලට යද්දී තරුණ උන් ටික එකතු වෙලා පල්ලිය සරසනවා,පල්ලිය ගොඩක් ලොකු නිසා දවස් ගාණක ඉදන් සරසන්න වෙනවා,එළියේ ගවලෙන හදන්න ඕනේ උනත් වැස්ස නිසා තව එකට අත ගහලවත් නැ.

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now