සදේ ආදරවන්තයා - 14 th Tale ★

236 18 3
                                    

මේ දවස් ටිකේම කෙයාන්ට ගෙදරට වෙලා තනියම ඉන්න බෑ කියලා ජෙරමියායි නෝවයි එක්ක කෙයාන් හැමදාම හොටෙල් එකට ගියා.එත් ආව දවසේ ඉදන් කෙයානුයි ජෙරමියායි එක වචනයක් කතා කරලා තිබුනේ නැ.ජෙරමියා දකින හැමවෙලාවේම කෙයාන් කරේ ජෙරමියාට රවන එක.හොටෙල් එකේ ඉදන් ආව හවසක කෙයාන් නොවා වටේ කැරකි කැරකීම කිව්වේ එයාට කොහේහරි යන්න ඕනේ කියලා

"මේ දවස් ටික ඇරලා බලමු කෙයාන් මේ දවස් ටිකේ හොටෙල් එකේ වැඩ වැඩි අනික අක්කගේ වෙඩින් එක ලං වෙද්දී ඒ වැඩ කරන්න ගියාම වැඩ මිස් වෙනවනේ"

"මොකක්ද නෝවා මම ආවෙත් අවුරුදු ගාණකට පස්සේ තව ඉන්නෙත් සතියයි දෙකයි,ඔයාට මට වඩා ලොකු වැඩ තමා "

"එහෙම දෙයක් නෙමෙයි බන් මම දැන් බෑ කිව්වද අනික අක්කගේ වෙඩින් එක next week එහෙම තියාගෙන අරහේ මෙහෙ රවුම් ගහන්න බැනේ"

"හරි "

කෙයාන් ගස්සගෙන පඩිපෙළ දිගේ උඩට නඟිද්දී ජෙරමියා නොවාට ඉස්සරහා සොෆා එකේ ඉදන් කෙයාන් දිහා බලන් හිටියේ කෙයාන්ව එයාට කිසිම විදිහකට තේරුම් ගන්න බැරි නිසා

"ජෙරමියා හවස ගමනක් යමු "

"කොහේද"

"කොහෙහරි යමු , මට ඔයාත් එක්ක ඉන්න ඕනේ ටිකක් නිදහසේ "

නෝවා කලු ඇස් වලින් බලන් හිටියේ ජෙරමියා දිහා.ජෙරමියාත් නෝවා දිහා බලන් හිටියා.

" කෙයානුත් එනවද "

"එයාවත් එක්කන් යමු.කොහෙහරි යන්න ඕනේ කියලා මැරෙන්න හැදුවේ "

"ම්ම් "

ජෙරමියා එහෙම කියලා උඩට ගියා.ඒ යද්දීම නෝවා ළඟට ආවේ ලොකුඅම්මා

"නෝවා පුතා මම මේ අහන්නමයි හිටියේ "

"මොකක්ද ලොකු අම්මේ "

"අර හෙරමියාද ජෙරමියා ද කියන කොල්ලා කවද්ද මෙහෙන් යන්නේ "

"එයා කොහෙවත් යන්නේ නැ "

"ඒ කිව්වේ "

නෝවා එකට මොකුත් උත්තරයක් නොදී දොර දිහා බලාගෙන හිටියා

එත් එක්කම කායායි කායාගේ යාලුවයි ගෙදර දොරින් මතුවුණා

" අම්මෝ අම්මේ මටනම් හරිම මහන්සි,ජෙහාන් ඉන්න නිසා ටිකක් හරි ඔලුව නිදහස් එහෙ මෙහෙ යන්න,වෙඩින් එක එනවවත් දැනුණේ නැ,තව සතියකින් එකත් තියෙනවා "

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now