අසම්මත පෙම - 4th tale ★

384 30 4
                                    

ඊළඟ විනාඩියේ කයිලි කරපු දෙත් එක්ක මගේ කට ඉබේටම වැහිලා ගියා.............

කයිලිගේ තොල් ඇවිත් මගේ තොල් උඩ නතර උණේ ඇස් පිල්ලම් ගහන
ක්ෂණයෙන්,මාස හයකට පස්සේ ලැබුණු ඒ සුපුරුදු පහසට මමත් හරි හරියට එකතු වෙද්දී එක පාරට මගේ ඔලුවට ආවේ ජෙරමියාව.මම කයිලිගෙන් ඇත් උනා.කයිලි මගේ දිහා බලන් හිටියේ මේ මොකක්ද උනේ කියලා.මටත් හිතාගන්න බෑ මේ වෙලාවේ ජෙරමියාව මගේ ඔලුවට කොහෙන් ආවාද කියලා.

මොන දේ උනත් මගේ ආදරේ මගේ ළඟට ආයෙමත් ඇවිත්,කයිලිට ඕනෙත් ආපහු මාත් එක්ක එකට ඉන්න මම දිගම දිග කල්පණාවකට වැටුණේ ගෙදර ඇවිත් wash දාන ගමන් අන්තිමේදී මම කයිලිට අවස්ථාවක් දෙන්න තීරණය කරා.ඔය විදිහට දවස් ගණන් ගෙවෙද්දී මමත් වැඩ වලට හිර උනා. කයිලිත් campus යන්න ලෑස්ති උනා.මම එයාව නවත්තන්න ගියේ නැ.මොකද එක එයාගේ කැමත්තනෙ. අපි හම්බුණෙත් සතියකට සැරයක් විතර

ජෙරමියානම් ආච්චි එක්කමයි ගෙදර වැඩ වලට උදව් කරනවා.පාඩම් කරනවා.ස්කොලේ යනවා.මොන දේ උනත් කවුරු එක්ක කතා කරත් ජෙරමියා තාමත් මාත් එක්ක පලවෙනියට දැක්ක දවසේ වගේමයි හැසිරෙන්නේ,අපි එක ගෙදර හිටියත් මම ජෙරමියාව දකින්නේ දවසකට දවස් දෙකකට සැරයක්.මොකද මම උදේ නැගිටල hotel එකට යන්න room එකෙන් එළියට එද්දී එයා school ගිහිං,රැ වෙලා ගෙදර එද්දී හැමදාම ජෙරමියාගේ කාමරේ දොර වහලා.මමත් ඉතිං කතා කරනවා කියලා මොනා කතා කරන්නද

එක සෙනසුරාදා දවසක උදේ මම ජෙරමියාව අරන් town ගියේ එයාට ඕනේ දේවල් තියෙනවනම් අරන් දෙන්න,මුලින්ම book shop එකට ගිහිං ඕනේ දෙයක් ගන්න කිව්වත් ජෙරමියා කිසි දෙයක් ගත්තෙ නැ,බැරිම තැන මම ඕනේ එකයි එපා එකයි ඔක්කොම ගන්න යද්දී එයා එයාට ඕනේ බඩු ටික ගත්තා.ඊටපස්සේ මම ජෙරමියාව shop එකකට එක්කගෙන ගිහිං ඇදුම් අරන් දුන්නා.ඔක්කොම ඉවර වෙද්දී දවල් උනා.මහන්සි බඩගිනි නිසා කාලා ආච්චිටත් කෑම අරන් යනවා කියලා හිතන් මම ජෙරමියාවත් එක්කන් restaurant එකකට ගියා.කෑම එනකං බලන් ඉද්දී කවුරුහරි මගේ ඇස් දෙක වැහුවා පිටිපස්සෙන් ඇවිත්
ඒ සුවද අදුරගන්න මට වැඩි වෙලා ගියේ නැ.

"කයිලි,ඔයා මෙහෙ"

" ආහ් මම බඩු වගයක් ගන්න ආවේ හදිස්සියේ ආව නිසා ඔයාට කියන්න බැරි උනා,පාරෙ එහාපැත්තේ ඉද්දී ඔයා කාර් එකෙන් බැහලා මෙහෙට එනවා දැක්ක නිසයි ආවේ "

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now