ආදරනිය තටාකය - 9 th tale ★

337 25 1
                                    

නොවායි ජෙරමියායි තෙත පිටින්ම කාර් එකට නැග්ගට පස්සේ නොවා ඇදගෙන හිටපු ඇදුම් එකින් එක ගැලෙව්වේ තෙත නිසා වෙන එකක් දාගන්න.නොවා ඇදුම් මාරු කරනකං ජෙරමියා නෙමෙ අගලක්වත් හෙලවුනේ.නොවා ඔක්කොම කරගෙන ජෙරමියා දිහා බලද්දීම ජෙරමියා නොවා දිහා බලාගෙන හිටියේ කවදාවත් දැකලා නැ වගේ.

"ඇයි කලින් දැකලා නැද්ද "

නොවා පිටිපස්සේ බැග් එක අවුස්සලා ගත්ත ටවල් එකෙන් ඇග පිහිදන ගමන් ඇහුවා

"ජෙරමියා ඇදුම් මාරුකරගන්න.වෙන මොනාහරි ලෙඩක් හැදෙයි "

"ඒ පාර මොකද ඇඹරෙන්නේ "

ජෙරමියා හිටියේ නොවා ඉස්සරහා ඇදුම් ගලවන්න ලැජ්ජාවෙන්

" ඇයි මල් මල් එකක්ද ඇදන් ඉන්නේ ඔච්චර ලැජ්ජා "

නොවා හිනාවේවි ඇහුවා.

"අනේ මේ අයියේ "

"අනේ මේ අයියෙ නෙමෙ,ඔයා ගලවනවද මම ගලවන්නද ? "

ඒ පාර නම් ජෙරමියා ඇදුම් ගලවන්න ගත්තා එකින් එක

"අහක බලාගන්න "

" හරි පොඩි එකාගේ ආසාවනේ "

නොවා mirror එකෙන් එළිය බලාගෙන එන හිනාව නවත්තගත්තේ බොහොම අමාරුවෙන්

"හරි "

" හොද වෙලාවට හරි කියලා කිව්වේ නැත්තන් දිගටම අහක බලන් ඉන්නවා "

ජෙරමියා නොවා දිහා බැලුවේ so much done වගේ mood එකකින්

හරිම cute.නොවා ජෙරමියාගේ කම්මුලකින් මිරිකලා ටවල් එක අරන් ජෙරමියාගේ තෙත කොණ්ඩේ පිහින්න ගත්තා.ජෙරමියාත් පුස් පැටියා වගේ ඔලුව අල්ලන් ඉන්නවා.

නොවා ජෙරමියාගේ කොන්ඩෙත් පිහිදලා එයාගේ කොන්ඩෙත් පිහිදලා ටිකක් වෙලා බලන් හිටියේ වැස්ස නතර වෙයි කියලා.එත් වැස්ස නතර වෙන පාටක් පෙන්න නෑ. අන්තිමේදී නොවා කාර් එක ස්ටාර්ට් කරේ එයා එන්න කලින් බුක් කරපු හොටෙල් එකට යන්න.

ඒ හොටෙල් එකේ එයාලා හිටපු රුම් එකට හරිම ලස්සන view එකක් පෙනුණේ.බෙඩ් එකට ඉස්සරහින් විදුරු දොරත් එක්ක අඩි හතර පහකට පස්සේ පුල් එක හතර වටේම ගස් වලින් වටවෙලා කොළ පාටයි කදු විතරයි බලන බලන හැමතැනම වළාකුළු අහසේ ඉදලා කම්මැලි හිතිලද කොහේද කදු අස්සේ
රිංගන්න ඇවිත්.පුල් එකට එහා පැත්තේ හාන්සි පුටු දෙකක් හරිම නිස්කලංකයි.

My Angel ★ ||  [sinhala bl] +18Donde viven las historias. Descúbrelo ahora