වළාකුළු ඇස් - 10th tale ★

323 24 0
                                    

වෙලාව යනවා දැනුණේ නැ ending wall එකට තද වෙලා හිටපු ජෙරමියා හිටියේ නොවාගෙන් වෙලිලා ඈත තියෙන කදු වළල්ල දිහා බලාගෙන

"අයියේ "

"ම්ම්"

"මම කවදාවත් හිතුවෙ නැ "

"මොකක්ද "

" මෙහෙම මොහොතක් එයි කියලා "

"ඉතිං "

"මේක නිකං අමුතුයි "

" මොකක්ද මම ආදරේ කිව්ව එකද "

" නැ නැ මොකුත් නැ "

" මොඩ කොල්ලා "

නොවා ජෙරමියාව එයාගෙ පපුවට තවත් ලං කරගත්තා.ජෙරමියාට අහන්න ඕනේ උණේ එයාලට ඉස්සරහට මොකක් වෙයිද කියලා මේ ඉන්න විදිහටම අපිට දිගටම ඉන්න පුළුවන් වෙයිද කියලා එත් මේ දේවල් පටන් ගත්ත දවසේම එයා එවා කොහොම අහන්නද

නොවා ජෙරමියාත් අල්ලගෙන පුල් එකට වැටෙද්දී මල් පොකුරෙන් වෙන් වෙලා සී සීකඩ විසිරුණු රොස මල් වල රෝස මල් පෙති වතුර උඩ පාවෙනවා.නොවා ජෙරමියාව තමන්ගේ පැත්තට හරවාගත්තා.නෝවා වතුර අහුරක් අතට අරගෙන එක ජෙරමියාගේ ඔළුව උඩ ඉදන් පහලට අතෑරියා. වතුර බිංදු එක්ක රෝස පෙත්තක් රැදුණේ ජෙරමියාගේ තොල් වල.නෝවා ජෙරමියාගේ තොල් වහගෙන හිටපු එ රෝස පෙත්ත උඩින් පොඩි හාදුවක් තිබ්බා.

" බඩගිනි නේ,කන්න යමු "

නෝවා ජෙරමියාවත් ඇදගෙන ආවේ පුල් එකෙන් එළියට.කෑම ඕඩර් කරලා දවල්ට කද්දී හවස 5 ත් පහුවෙලා.අය ඇවිදින්න යන්න වෙලාවක් තිබ්බේ නැ එයාලට, එක නිසා අන්තිමේට දෙන්නා decide කරේ movie එකක් බලන්න.movie එක බල බල ඉද්දීම ජෙරමියාට නොවාගේ අත උඩ නින්ද ගිහිං.නොවා ජෙරමියාගේ මුනට වැටිලා තියෙන දිග කොන්ඩේ අයින් කරා

"මගේ anime boy "

නොවා මුමුණලා හෙමිට හිනාවුණා.

" මම ආදරේ කරන හැමෝම මට නැති වෙනවා ජෙරමියා.නැත්තන් එයාලා ඇත් වෙනවා.නැත්තන් ගොඩක් දුර.ආච්චා අම්මා විතරයි මම ළඟ ඉන්නේ.දැන් ඔයා ඉන්නවා.මට පොරොන්දු වෙන්න ජෙරමියා මාව කවදාවත් තනි කරන්නේ නැ කියලා "

නොවා නිදාගෙන ඉන්න ජෙරමියා දිහා බලාගෙන එහෙම කියද්දි ඒ කිසි දෙයක් ඇහුණේ නැති ජෙරමියා හිටියෙ සැප නින්දක

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now