නැවත අහිමිවීම - 22 nd Tale ★

191 12 3
                                    

නත්තලට තිබ්බේ සතියයි.නොවාට ජෙරමියාව හම්බෙලා අවුරුද්දකුත් පිරිලා.කාලේ යනවා දැනුණෙවත් නැ. දේවල් ඉක්මනට උනාදෝ කියලා හිතුණත් මොකක්මහරි දේකට ඒ දේවල් වෙන්න ඕනේ හොදම විදිහට වුණා.

ජෙරමියාගේ කාමරේ නොවාගේත් කාමරේ වෙද්දී  ජෙරමියාගේ කාමරෙන් හැමතිස්සෙම ආවේ සද්ද විතරයි.වෙලාවකට හිනා වෙනවා වෙලාවකට කෑ ගහනවා පොඩි උන් වගේ ජෙරමියාගෙයි නොවාගෙයි විකාර වලට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් තිබ්බේ නැ.

නොවා එදා පහලට එද්දී සාලේ sofa එකේ ඉදගෙන හිටියේ එයා මිට ගොඩක් කාලෙකට කලින් දැකපු එයා හොදටම දන්න රූපයක්.

"සෙලී අක්කා ? "

"නෝවා!! දෙයියනේ ලොකු වෙලා තියෙන තරම් "

ඒ ගෑනු ළමයා ඇවිත් නොවාව බදාගත්තා.

"අදුරගත්තා නේද මාව ? "

" නැත්තං ඉතිං "

"එකනේ "

ඒ තමයි සෙලීනා.නොවාගේ අයියා රොනීගේ පලවෙනි ආදරය මීට කාලෙකට කලින්.ඒ දෙන්නගේ ආදරේට සෙලීගේ තාත්තා විරුද්ධ උනත් සෙලීගෙයි රෝනිගෙයි ආදරේ ඉස්සරහට යද්දී හදිසියෙම රොනී ලංකාවෙන් යනවා තාත්තා ළඟට.ඒ කියන්නේ japan වලට ඊට අවුරුදු දෙකකට පස්සේ සෙලීත් higher studies වලට japan යන්න ලෑස්ති වෙද්දී සෙලීගේ තාත්තා එයාට proposal එකක් ගේනවා.එත් සෙලී කැමති නොවුණත් තාත්තා කියන්නේ එයාව engage කරන්නේ නැතුව එයාව කොහෙවත් යවන්නේ නැ කියලා ඒ වගේම රොනිව කසාද බදින්න දෙන්නෙත් නැ කියලා.සෙලී දෙමාපියන්ට අකීකරු ළමයෙක් නෙමේ.ඉතිං එයා එයාගේ සතුට පැත්තකට දාලා ඒ boy එක්ක engage වෙලා දෙන්නාම japan වලට ගියා.එදායින් පස්සේ සෙලීගෙයි රෝනිගෙයි ආදර කතාවත් ඉවර වුණා.ඊට අවුරුදු දෙකකට පස්සේ නොවාගේ අයියත් marry කරා එහෙන් swedish girl කෙනෙක්.දැන් රොනීට අවුරුද්දක පොඩි පුතෙක් ඉන්නවා.

නොවාට වැඩි දෙයක් මතක නැ.සෙලීලාගේ ගෙවල් තියෙන්නේත් නොවාලගේ ගෙවල් ළඟ සෙලීගේ තාත්තා මොන හේතුවකට අකැමැති උනත් සෙලී ඉස්සර ඉදන්ම එහේ ආව ගිය නිසා නොවාට පොඩි කාලේ ඉදන්ම මතකයි හැමදේම.සෙලී දැන් marry කරලත් අවුරුදු 4 ක්.දැන් අවුරුද්දකට කලින් සෙලීගේ තාත්තා නැති වුණා.සෙලීගේ අම්මා විතරයි දැන් ඉන්නේ.

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now