ගැඹුරු මුහුද - 7 th tale ★

359 30 1
                                    

අපි එහෙම ගොඩක් වෙලා අහස දිහා බලන් ඉන්න ඇති.මුහුදේ කොහේදෝ ඉදන් ගහගෙන එන අතරමං උනු අන්ධ රැලි ඇවිල්ලා ගල්පරේ හරි හරියට වැදෙද්දී එවාගෙන් විසිවෙන වතුර බිංදු වලින් ඔළුවේ ඉදන් හෙමින් හෙමින් නැවෙද්දී නෝවා අත් දෙක අස්සේ මුණ ඔබාගෙන අත් දෙක උඩින් නිරාවරණය උනු ඇස් දෙකෙන් බලන් හිටියේ තමන්ව සනසන ඒ රුපේ දිහා

අහසේ තරුකැට වලට වඩා දිලිසෙන ඒ ඇස්.පොඩ්ඩක් විවර වෙලා තිබ්බ ඒ චෙරිපාට තොල්,පොඩි නහය, හුළගට නළලට වැටිලා තියෙන එහෙ මෙහෙ දගලන කොන්ඩේ

ජෙරමියා කියන්නෙම භාවනාවක්

" ජෙරමියා "

" ම්ම් "

" ඔයා හිතන විදිහට අපේ අම්ම අතනින් කවුරු වෙන්න ඇතිද "

නෝවා පෙන්නුවේ ඇත අහසේ තියෙන තරු පොකුරක් පෙන්නලා

" එළිය වැඩිම එක්කෙනා "

" එතකොට ඔයාගේ අම්මා "

" එහාපැත්තේ තරු පොලිමේ ඉන්න එළිය වැඩිම එක්කෙනා " ....,ඒ කියන්නේ එයාලා අපි දිහා බලන් ඉන්නවා නේද "

ජෙරමියා කිව්වේ නෝවා දිහා බලාගෙන

" එයාලා විතරක් නෙමෙ මාත් බලන් ඉන්නවා "

ජෙරමියාගෙ ඇස් දිලිසුණා

" මමත් තරුවක් වෙන්නම් "

" ඒ ඇයි "

නෝවා ඇහුවේ ජෙරමියාගේ නළලට වැටිලා තිබ්බ කොන්ඩේ පිටිපස්සට කරන ගමන්

" එතකොට මටත් ඔයා දිහා බලන් ඉන්න පුළුවන්නේ "

" එතකොට දැන් බලන්න බැරිද "

" නැහැ මම කිව්වේ මම නැති උනු දවසක.මට ඔයාගේ එහාපැත්තෙන් ඉදන් මෙහෙම බලන්න බැනේ "

" ඔයා නැති වෙන්නේ නැහැ ජෙරමියා.අපි දෙන්නගෙන් කෙනෙක් නැති වෙනවනම් ඒ පළවැනි කෙනා මම වේවි "

නෝවා එහෙම කියද්දීම ජෙරමියා බර උනේ නොවාගේ උරහිසට

" මාව තනි කරන්න එපා නෝවා අයියේ,මම එක ඕනෑවටත් වඩා විදලා ඉන්නේ දැනටමත් "

නෝවාටත් නොදැනිම ඇති වෙච්ච හැගිම් සමුදායත් එක්ක නොවා තිබ්බේ උණුසුම් හාදුවක් සිතල සුලග නිසාම සිතල වෙලා තිබුනු එ සිතල ලුණු රස නලල උඩින්

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now