පල්ලියේ කතාව - 24 th Tale ★

289 17 8
                                    

මගේ කකුල් පණ නැති වුණා.මගේ පපුව නතර වුණා.මට මතක් උනේ එක දෙයයි.

" ජෙරමියා !!!! "

මම පිස්සෙක් වගේ පල්ලිය ඇතුලට දිව්වා.පල්ලිය ඇතුලේ දුමෙන් වහගෙන.මම කහින ගමන්ම දිව්වේ ජෙරමියා හොයාගෙන.පල්ලිය ඇතුලට මිනිස්සු එන්න පටන් ගත්තෙ පිස්සො වගේ.මිනිස්සුන්ගේ කෑගැහිලි වලින් මම බීරි වෙද්දී මට පෙනුණේ තැන තැන වැටිලා ඉන්න මිනිස්සු විතරයි.සමහර තැන්වල නැ මට කියන්න බෑ එවා.කොහොමද දෙයියනේ මෙවා බලන්නේ.මට ඕනේ මගේ ජෙරමියාව හොයාගන්න.ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න මිනිස්සුන්ගෙන් මගේ ඇස් අන්ධ වෙලා ගියා.

මට නොදැනීම මගේ ඇස් වලින් කදුලු කැට වැටෙද්දී මම මට පුළුවන් තරම් හයියෙන් කැ ගැහුවා.

"ජෙරමියා !!!!!!!! "

මගේ පපුව නිකං එළියේ ඉදන් ගැහෙනවා වගේ මට දැනුණේ.තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන මනුස්සයාව හොයාගන්න බැරුව යද්දී දැනෙන ඒ අසරණකම.මම ලේ විලක ඇවිදිනවා වගේ මට දැනුණේ.මිනිස්සු මේ මොහොතෙදි හරි ආත්මාර්තකාමි මොකද මිනිස්සු බයයි එයාලගේ අනිත් හුස්මවල් නැතුව ඉතුරු කාලේ මේ ලෝකේ කරක් ගහන්න.ඉතින් එයාලා එයාලගේ හුස්මවල් මේ ලේ විල මැද හොයද්දි මාත් මගේ ආදරේ නැ මගේ හුස්ම හොයන්න පටන් ගත්තා
ඔව් අන්තිමට මම හොයාගත්තා

මගේ කොල්ලා පල්ලියේ මැද්දෙ අයිනක වැටිලා හිටියා.ඊට එහා පැත්තේ හිටියේ කලංකයා.කලංකයා පිස්සෙක් වගේ අඩනවා උගෙ අම්මා හිටියේ උගෙ අත් දෙක උඩ

මම මගේ කොල්ලා ගාවට ගියා.එකත් පණ නැති කකුල් අද්ද අද්ද.උදේ ඇදගෙන ආව සුදු පාට ෂර්ට් එක පුරාම ලේ පැල්ලම්

"ජෙරමියා ජෙරමියා මැණික නැගිටින්න "

මම ජෙරමියාව මගේ තුරුලට ගත්තා.

ජෙරමියාගේ කන් වලින් ලේ ඇවිත්.කොහොමද දෙයියනේ මම මෙවා බලන්නේ.මට තේරෙන්නේ නැ මොනා කරන්නද කියලා.

"අයි..යේ ම..ට.. දැවි.. ල්..ලයි "

ජෙරමියා එහෙම කියාගෙන ඇස් පියාගන්න හදද්දීම මම ජෙරමියාට ආයෙමත් කතා කරා

"ජෙරමියා ඇස් අරින්න මැණික plz.ඇස් වහගන්න එපා ජෙරමියා මට බය හිතෙනවා "

My Angel ★ ||  [sinhala bl] +18Hikayelerin yaşadığı yer. Şimdi keşfedin