ආදර ළමයි ★

252 18 17
                                    

ඔක්කොටම කලින් හැමෝටම Thank you so much මගේ කතාව කියෙව්වට.ඔයාලා හිතපු නැති විදිහෙ end එකක් ඔයාලට දිලා ඔයාලව confuse කරපු එකට sorry ළමයි.කතාව ලියාගෙන ඇවිත් අන්තිමේදී අවුල් කරගත්තද කියලත් හිතුණා.මොනා උනත් මේ කතාව ගැන ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා ළමයි.ඒ වගේම මේක happy ending වෙයි කියලා අන්තිම වෙනකං ongoing කියවපු ළමයි ටිකටත් මගේ බලවත් ශෝකය පල කරනවා ළමයි.මට බනින්න එපෝ

මේ කතාවෙ plot එක ගැන කියනවනම් මේ plot එක මගේ ඔළුවේ තියෙන්නේ දැන් අවුරුදු 4 ක වගේ ඉදන් මම මේක කවදාහරි ලියන්න හිතුවනම් ලියන්න හිතුවෙ straight love story එකක් විදිහට එත් මම පස්සේ කාලෙක හිතුවා මම මේ plot එක bl story එකක් විදිහට ලිව්වොත් කොහොම තියෙවිද කියලා ? So here am I

මම දන්නවා ළමයි මේකේ ගොඩක් අඩුපාඩු තියෙනවා.මේක මගේ පළවැනි story එක වගේම සමහර තැන් වලදී මට ඒ හැඟීම් හරියට ඔයාලට දනවන්න බැරි වෙන්න ඇති ගොඩක් තැන්වලදී.ඒ හැම වැරද්දකටම අඩුපාඩුවකටම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.

වැදගත්ම දේ මේකෙන් කියන්නේ easter sunday bomb attack එක ගැන.මම දේශපාලනය ගැන දන්නේ නැ.එක නිසා මම අනිත් අය වගේ ඒ සිද්ධිය ගැන මොකුත් කියන්න යන්නේ නැ.කවුද මේකට වගකියන්න ඕනේ වගේ දේවල් ඉතිං ළමයි මට මේ කතාවෙන් කියන්න ඕනේ උණේ එදා ඒ සිද්ධිය නිසා මනුස්සයොන්ට මොනා හිතෙන්න ඇතිද අපි නොදන්න ආදර කතා කොච්චරක් ඒ පල්ලියට යට වෙන්න ඇතිද කියලා....

මේ කතාවෙ චරිත සිද්ධි මනඃකල්පිත උනත් සමහර සිද්ධි මට පුරුදු දේවල්..ඉතිං මගේ ජීවිතේ වෙච්ච සමහර ලස්සන සිද්ධිත් මම මේ කතාවට ගැලපුවා. 💌

කොහොම උනත් මට කියන්න තියෙන්නේ ළමයි හැමෝටම ප්‍රශ්ණ එනවා.එවාට බය නැතුව face කරන්න හැමදේම හරියයි අල්ලන් ඉන්න.ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බෙයි කවදාමහරි එත් ඒ කොහේද කොතනද කියලා ඔයාවත් මමවත් දන්නෙ නැ.ඉතිං මගේ ලස්සන ළමයි අන්තිමේට කියන්න තියෙන්නේ ඔය කොයි කාටත් ආදරේ කරන්න කලින් ඔයා ඔයාට ආදරේ කරන්න.ජීවිතේ හිතාගන්න බැරි විදිහට වෙනස් වේවි

අනිත් සතුටු හිතෙන කාරණේ තමයි මගේ පලවෙනි කතාව උනත් කොටස් පොඩ්ඩක් උනත් මගේ කතාව ඉවර කරද්දි 2k reads වෙලා මට හරි සතුටුයි ළමයි.thank you so much...stay happy

නොවාටයි ජෙරමියාටයි ආදරේ කරපු හැම කෙනෙක්ටම Thanks !!

කතාව අන්තිමේට හිතට දැනුනු දේවල් කියන්න අමතක කරන්න එපා ළමයි.මම බලන් ඉන්නවා මට දැනුනු විදිහ වගේම ඔයාට දැනුනු විදිහත් අහන්න

ILYSM 🐻💗

★ Nashtali ★

★ Nashtali ★

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now