කෙයාන්ගේ ආගමනය - 12 th Tale ★

249 18 0
                                    

දවස් දෙකක් ගෙවිලා ගියත් ජෙරමියායි නොවා අතරයි වැඩි කතා බහක් තිබ්බේ නැ.මොකද නොවා හැමතිස්සෙම ජෙරමියා ගැන කල්පනා කර කර හිටියේ.එයාට ජෙරමියාගෙන් කෙලින් අහන්න පුළුවන්කමක් තිබ්බේ නැ doctor කිව්ව දේවල් එක්ක.නොවා ඒත් ජෙරමියා ළඟම ඇස් තියාගෙන හිටියා.ඒ දවස් දෙකේ නොවා නිදාගත්තෙත් ජෙරමියා එක්ක.එත් ජෙරමියා බෙහෙත් වල සැරටම කලින්ම නිදාගද්දී නොවාත් කරේ අනිත් පැත්ත හැරිලා නිදාගත්ත එක.

දෙවැනි දවසේ රැ අහම්බෙන් ඇහැරුණු ජෙරමියා දැක්කේ නොවා අත් දෙකත් ඔලුව යට තියන් සිවිලිම දිහා බලාගෙන එයාගේ එහා පැත්තේ ඉදන් ඉන්න නොවාව

"අයියේ"

"ම්ම්"

නෝවා ජෙරමියා දිහා නොබලම උත්තර දුන්නා

"මම හිතුවෙ ඔයා අද ගිහිං ඇති කියලා ඔයාගෙ කාමරේට "

"නැ, මගේ හිතට හරි නැ එකයි හිටියේ"

"මට දැන් අවුලක් නැ අයියේ,බෙහෙත් ටිකත් හෙටින් ඉවරයි "

"මට යන්න කියලද දැන් ඔය කියන්නේ "

"නැහැ, නැහැ "

"එහෙනම් මම ඉන්නවට කැමති නැද්ද"

"මොනාද මේ කියවන්නේ "

"මම ඔයාගෙ කව්ද ජෙරමියා "

ජෙරමියාගෙන් උත්තරයක් නැ

"මම කවුද "

ඒ පාර නෝවා ජෙරමියාගේ මුනටම එබිලා ඇහුවා.

" ඔයා මගේ...මගේ.."

ජෙරමියා ගොත ගහනවා

" මගේ කවුද?"

ජෙරමියා නොවාගේ ඇස් දිහාම බලන් හිටියා මොකුත් නොකියා

"එතකොට එකට ඔයාට උත්තරයක් නැද්ද? ජෙරමියා මම අහන්නේ නැහැ ඔයා මට ආදරේද නැද්ද කියලා මොකද මම මෝඩයෙක් නෙමේ.ඔයාගෙ ඇස් වලින් මට පේනවා ඔයා මට ආදරෙයි කියලා,මම ඔයාට කියන්නේ නැ මට ආදරෙයි කියලා කියන්න කියලා,එක ඔයාට කැමති දවසක කියන්න,මම ආදරෙයි කොහොමත් "

"එත් මට මේකට උත්තරයක් ඕනේ. මම ඇහුවා ඔයාගෙන් එදා මට ඔයාට ආදරේ කරන්න පුලුවන්ද කියලා එවගේම ඔයා මට කිව්වා ඔව් කියලා "

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now