හිත් රිදීම - 5 th tale ★

353 30 3
                                    

එදා town ගිහිං ආපු දවසේ රැ ඉදන් සති දෙකක් යනකං මම ජෙරමියාව දැක්කේම නැති තරම්,

"ජෙරමියා,මේ දොර අරින්න "

මම දොරට තට්ටු කරන ගමන් කිව්වේ 4 වැනි වතාවට,ඒ වෙනකොට මට යකා නැගගෙන එන ගමන් තිබ්බෙ
මේ පාරනම් දොර කඩාගෙන හරි ඇතුලට යනවා පුතේ කියලා හිතලා පිටිපස්සට යද්ද්දීම මට ඇහුණේ ජෙරමියාගේ කටහඩ මගේ පිටිපස්සෙන්

"නෝවා අයියා "

"ආහ් කොහෙද ගියේ "

මම ඇහුවේ මොකුත් නොවුණු ගාණට

"යාලුවෙක්ගේ ගෙදර "

" ඒ මොන යාලුවෙක්ද යාලුවොත් ඉන්නවද දැන් මම දන්නෙත් නැහැ "

"ඉස්කෝලේ යාලුවෙක් "

"හරි දැන් මොකටද ගියේ ?"

" නොට් වගයක් ඉල්ලගන්න,එයා යන tuition ක්ලාස් එකේ "

" ඇයි දැන් ඔයා අනිත් අයගේ tuition ක්ලාස් වල notes ඉල්ලගන්නේ,ඔයාටත් යන්න පුළුවන්නේ,අය එක එකාගේ ගෙවල් ගානේ යන්න තියාගන්න එපා "

මම කිව්වේ සැරෙන්.මම මොකට මෙහෙම හැසිරෙනවද කියලා මම වත් දන්නේ නැ, අන්තිමේට රැට කාලා ඉවර වෙලා මම ආයෙත් ගියේ ජෙරමියාගේ රූම් එකට

" හෙට ඉදන් clz යන්න ලෑස්ති වෙන්න දාන්නයි එක්කරගෙන යන්නයි මම එන්නම් "

මම එහෙම කියද්දි කොල්ලා මගේ දිහා බලන් හිටියෙ නිරුත්තරව,මම ඒ වෙනකොටත් කොල්ලා කරන subject තුනටම clz තුනක් හොයලායි තිබ්බේ කොහොමත් මේ දවස්වල revision නේ,

"ඒත් එත් අයියේ සල්..."

" අනේ මේ මගෙන් මොකුත් අහගන්නේ නැතුව හිටපන් මෙච්චර කාලෙකට මම උඹෙන් සල්ලි ඉල්ලුවද ඔච්චර අමාරුනම් job එකක් කරන කාලෙක දිපන්, මම යනවා මගුල "

මම කාමරේට ඇවිත් දොර වහගත්තා,මම ෆොන් එක අතට ගත්තා,ආයෙත් කයිලි වෙනස් වෙලා ප්‍රශ්නයක්ද ප්‍රශ්නයක්ද කියලා කොච්චර ඇහුවත් කිසිම උත්තරයක් නැ. දැන් දවස් හතරකින් විතර හරියට කතා කරලා නැ.අහන අහන හැමතිස්සෙම campus එකේ වැඩ,ඕනේ මගුලක් මම එහෙම හිතාගෙන නිදාගත්තා

පහුවදා ජෙරමියාගේ clz තිබුණෙ රැට මම 6 ට කොල්ලව clz එකට දාලා ආයෙමත් 10 ට ගන්න ගියා,එන ගමන් අයිස්ක්රීම් කන්න ආසාවක් පහල උනු මම කාර් එක නවත්තලා එතන ළඟ තිබ්බ කඩෙකින් අයිස්ක්රීම්නුත් corn දෙකකුත් අරගෙන ජෙරමියාට එකක් දුන්නා,මම භාගයක් කාලා ඉවුර වෙනකංවත් ජෙරමියා අයිස් ක්‍රීම් එක ඇරලාවත් තිබ්බෙ නැහැ,මම අයිස් කීම් එකේ කවරේ ගලවලා ජෙරමියාට දුන්නා,ටික වෙලාවකින් ජෙරමියා කන්න ගත්තා.මුගෙත් එක වෙලාවකට නාකි කොලම් ඔව් ඉතිං තාම 18 යි නේ.

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now