ජෙරමියාගේ රහස - 11th Tale ★

263 16 0
                                    

ජෙරමියා එක්ක නිදහසේ ඉදලා හොටෙල් එකට ආව ගමන් wash දාන් ආව ජෙරමියා නොවා wash දාලා එද්දීත් නිදාගෙනයි හිටියේ. ටික වෙලාවකින් dinner එක ගන්න නොවා ජෙරමියාට කතා කරත් ජෙරමියා හෙලවුනෙවත් නැ. ජෙරමියාගේ ඇග ඒ වෙනකොටත් හොදටම සිතල වෙලායි තිබුණේ. නොවා ඒ වෙනකොටත් හොදටම බයවෙලා හිටියේ ජෙරමියා නොවා කතා කරන කිසිම දෙයකට reaction එකක්වත් දෙන්නේ නැති කොට නොවාගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ නොවාටත් නොදැනි

" අනේ කතා කරන්නකෝ මැණික,
ජෙරමියා......! ඇස් අරින්න "

ජෙරමියා ඇස් ඇරියත් එයාට පුළුවන් උනේ හෙමින් හුස්ම ගන්න විතරයි.නොවා හොටෙල් එකට කතා කරලා ඒ ළඟ ඉන්න doctor කෙනෙක්ගෙ number එකක් ඉල්ලන් කතා කරේ මේ ළඟ පාත hospital එකක් හොයාගන්නවත් නැති නිසා.නොවා තව තවත් අවුල් උනේ doctor ගමනක් ගිහිං නිසා එන්න තව පැය 2 ක් විතර යයි කිව්ව එකෙන්.නොවාට ජෙරමියාව අරගෙන මේ කදුත් බැහැගෙන hospital එකට යන්න ගියත් ඊට වඩා වෙලාවක් ගත වෙන නිසා නොවාට බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ.doctor කියලා තිබ්බේ එයා එනකං ජෙරමියාව පුළුවන් තරම් උණුසුම් කරලා තියාගන්න කියලා.

මේ සීතලේ මම ජෙරමියාව කොහොම warm කරන්නද නොවාගේ ඔළුවේ දිව්වේ එච්චරයි.නොවාට කරන්නම දෙයක් නැතිකොට නොවා underpant එක විතරක් ඉතුරු වෙන්න ඇදන් හිටපු ඔක්කොම ඇදුම් ටික ගලවලා ආවෙ ජෙරමියා ළඟට.ජෙරමියාගෙත් underpant එක විතරක් ඉතිරි වෙන්න ඔක්කොම ඇදුම් ගලවපු නොවා ජෙරමියාව හිරකරගත්තේ එයාගෙ පපුවට.ජෙරමියාගේ ඇගේ සිතල නොවාට හොදටම දැනෙද්දී ජෙරමියා අසිහියෙන්ම නොවාගේ උණුසුම් පපුවට තුරුල් උනේ පොඩි ළමයෙක් වගේ.එයාලා දෙන්නම වැහෙන්න බෙඩ් ශිට් එක පොරොවගත්ත නොවා සැරෙන් සැරෙට වෙලාව බැලුවේ doctor කොයි වෙලාවට එයිද කියලා.ඒ අස්සෙන් ජෙරමියා විකාරෙන් වගේ මුමුණනවා.නොවා ජෙරමියාගේ ඔලුව අත ගාන ගමන් නළලට හාදු තිබ්බේ වෙන කරන්න කිසිම දෙයක් නැති කමට

" එන්න එපා මම ලගට
අනේ අම්මේ ,අම්මේ මාව බේරගන්න "

ජෙරමියා දිගටම විකාරෙන් වගේ මිමිනුවා.
නොවාට මේ කිසි දෙයක් තේරුනේ නැති උනත් නෝවා ඒ වෙනකොටත් ජෙරමියාට මෙහෙම උන එකේ වැරද්ද එයාටම පටවාගන්න ගමනුයි හිටියේ

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now