කදුලු කැට - 20 th Tale ★

218 20 7
                                    

ජෙරමියා ආයෙමත් ඇහැරුණේ රෑ.ජෙරමියාට හොදටම නින්ද ගිහිං තිබුණා.ජෙරමියා නැගිටිද්දීත් නොවා හිටියේ ජෙරමියාගේ එහාපැත්තේ ජෙරමියා හිටියෙ නොවාගේ එක අතක් උඩ ඔලුව තියාගෙන

නොවා සිවිලිම දිහා බලාගෙන කල්පනා කර කර හිටියෙ

"ඔයා නැගිට්ටද ? "

"ම්ම් "

" වොෂ් දාගෙන එමු "

නොවා එහෙම කියලා බෙඩ් එකෙන් නැගිටලා ජෙරමියාට අත දික් කරා

ජෙරමියාත් නොවාට අත දුන්නා.නොවා ජෙරමියාවත් ඇදගෙන ගියේ shower එක යටට නොවා එයාගෙ තෙත් උණ ටි එක ගලවලා පැත්තකට දාලා ජෙරමියාගේ ටි එකත් ගැලෙව්වා.දෙන්නම හිටියෙ ශෝටවල් ඇදගෙන.

නොවා ජෙරමියාව ඇදලා අරන් ජෙරමියාගේ පිට එයාගෙ පපුවට හේත්තු කරගත්තා.ෂවර් එකෙන් වැටෙන වතුර නොවාගෙයි ජෙරමියාගෙයි ඇගවල් තෙත් කරගෙන පහලට රූටනවා.

"ජෙරමියා "

"ම්ම් "

" අදින් පස්සේ ඔයාගෙ ජීවිතේ කිසිම දුක හිතෙන දෙයක් නැ එහෙම තිබ්බනම් ඒ හැමදේම මේ වතුරත් එක්කම හේදිලා යයි "

" ඔයාට වද දෙන අතීතේ වළලලාම දාන්න ඕනේ.අය කවදාවත් එක ගොඩගන්න හිතන්නවත් එපා "

" අපි අතීතයක් ගැන හිත හිත ජීවත් වෙනවා කියන්නෙම අපි අපිවම රවට්ටගන්න එක "

"පරණ යතුරු වලින් අලුත් දොරවල් අරින්න බෑ ජෙරමියා "

"මාව විශ්වාස කරන්න ජෙරමියා ඔයා ලස්සන හිනාවෙද්දී. ඔයා එහෙම හිනාවෙද්දී මට එක විනාඩියට මේ හැමදේම අමතක වෙනවා.එක මායාකාර හිනාවක් ජෙරමියා "

" ඔයා මගේ ජෙරමියා,මගේ හැමදේම,හැමදාම කියනවා වගේ ජීසස් මට දුන්නු වටිනම තෑග්ග "

" ඔයාට ඔයා වටින්නේ නැ කියලා හිතන හැමවෙලාවකම මාව මතක් කරගන්න ජෙරමියා.ඔයා මැරිච්ච මනුස්සයෙක්ට පණ දුන්නා කියලා මතක තියාගන්න "

"ඔයා විශේෂයි ජෙරමියා ! තනිකරම ප්‍රාතිහාර්යක් "

"මම ආදරෙයි ජෙරමියා ! "

ඒ වචන ටික අහගෙන ඉද්දීම ජෙරමියාගේ ඇස් වලින් වැටනු කදුලු කැට ෂවර් එකෙන් වැටෙන වතුරෙන් හොදගෙන ගියා.

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now