°°°පළවෙනි පරිච්ඡේදය°°°

271 13 0
                                    

තේව්.. පොඩි පුතා ගිහින් ලෑස්ති වෙන්න.

අපෙ අම්මගෙ සුමිහිරි නාදෙන් උදේ පාන්දර මගේ දෙසවන් හිරිවැටී ගියා. අනේ අම්ම අද ගෙදරනෙ. ඒනං කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ.

නිදිමරගාතෙ මං යන්තම් අම්මට ඇහුම්කන් දීල ආයෙ කොට්ටෙ බදාගෙන අනිත් පැත්ත හැරුනා.

අනේ අම්මා මේ මහපාන්දර නැගිටගෙන කොහෙ යන්නද?

ඈ බොල යකෝ කොහෙ යන්නද කියල අහන්නෙ? නගිටපිය කොල්ලො මං මේ කොස්ස එවන්න කලින් කලින්

ඌප්ස් උඩරට මැණිකෙට මලපැනල

ආහ් අනේ මොනාද අයියෝ

මං එන්නද? උඹ නැගිටල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවද?

අනේ හරි අනේ එන්නං

ඒසී එක සැරටම දාල තිබුන නිසා නැගිටින්න තියා මේ අලි බෙඩ්ශීට් එකත් අයින් කරගන්න බෑ.. සීතල වැඩිකමට ඇසුත් ඇරගන්න බැරි තරමට මාව කම්මැලි වෙලා කියල මට දැනුන. මුළු විශ්වයේම තියන බලේ ඇඟට අරන් මං පොරවන් ඉඳපු රෙද්දට පයින් පාරක් දෙද්දි ඒක කෙලින්ම නැවතුනේ දොරත් ඇරන් ඇතුලට ආව අපෙ ගෙදර වැඩට ඉන්න නැන්දගෙ ඔලුවෙ ඉඳන් වැටිලා..

ඌප්ස්

මං හිතන්න එයා තේ එක අරන් ඇවිල්ල.. හයියෝ මගෙ තේ එක හැලුනද දන්නෑ

සුමනා නැන්දේ....

මං හිමීට ඇඳෙන් බැහැල ගිහින් සුමනා නැන්දගෙ ඇඟට වැටිල තිබුන බෙඩ්ශීට් එක ලාවට උස්සල මගෙ තේ එකත් අරන් ජනේලෙ ගාවට ගියා.

අනේ පුංචිබේබි හැමදාම මට අඩත්තේට්ටම් කරනව.

එහෙම තමා අම්මට මොකෝ නැන්දට මොකෝ..හිහී....

සුමන නැන්ද මටත් ගස්සන් ගානට ඇඳේ බෙඩ්ශීට් එක හදල කාමරෙන් එලියට යන්න ගියා. පව් ඉතින් පොඩි කාලෙ ඉඳන් අම්මල බිස්නස් වැඩ වලට එලියට යද්දි සුමනා නැන්ද එක්ක තමා මං හිටියෙ. ඉතින් ගොඩ වෙලාවට මං අම්ම එක්කත් වඩා කිට්ටු සුමනා නැන්ද එක්ක. හේතුවක් දන්නෙ නම් නෑ ඒත් සුමන නැන්ද දැනටත් මැරි කරල නෑ... මං හිමීට වෝල් වොච් එකෙන් වෙලාව බැලුවා. පහයි!

තේව් !Место, где живут истории. Откройте их для себя