°°°තුන්වෙනි පරිච්ඡේදය°°°

127 11 2
                                    

~

අඩෝ එතකොට ඌ උඹට කැමතිද බ‍ං?

අශියයි මමයි හිටියෙ උගෙ තාත්තගෙ ඉකෝන් ක්ලාස් එකේ පස්සහම බංකුවට එකක් ඉස්සරහ එකේ ඉඳගෙන බයිට් පැකට් එකක් කන ගමන්. දවල් අභිසෙස් අයිය කිව්ව කතාවෙන් පස්සෙ මට ඉකෝන් තියා හැට හතරෙ බස් එකවත් අල්ලගන්න තරං සිහියක් තිබ්බෙ නෑ. මේක මොන ජාතියෙ ටෙස්ට් එකක්ද? අහෝ දෙවියනේ මේ තේව් බේරල දෙන්න. අනිත් එකා මේ මැටි පගයා මූ මාව දාල දිව්වෙ නැත්තං මේ මුකුත් නෑ. නෙද්දකින් පගයා මටත් චාන්ස් එකක් එයිනෙ දෙන්නම් උඹට

මං දන්නෑ බල්ලො. උඹ මාව දාල දිව්ව තිරිසනා

ඉතින් පකෝ උඹට මං කිව්වනෙ ඕක නවත්තපං කියල

ඇත්තද හෑයි හූයි තමා


දෙන්න කියවිල්ල ඉවර නං අර ප්‍රස්ථාරෙ අඳිනවද?

අශියගෙ තාත්ත ඇවිල්ල අශියට අතේ තියං ඉඳපු මයික් එකෙන් පාරක් ගහද්දි අපි දෙන්නම සිහියට ආව

හිහී....

තියෙන ගො‍ංම හිනාව දැම්ම මම ඉක්මනට පොත බලාගත්තා. අනේ මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ උනේ. ක්ලාස් එකේ එහා පේලියෙ ඉඳපු කෙල්ලො ටිකත් බලනව. ඔයාලගෙ සිහින කුමාරයගෙ සිහින තඩි කුංෆුපැන්ඩෙක් හොරකම් කරන් ගිහින් කෙල්ලනේ, සමාවෙන්න මේ පව්කාරයට!

ඊටපස්සෙ තුනේ ඉඳලම තව පැය පහක් එක දිගට ක්ලාස් එක ඇදිල ඇදිල කෝමහරි අටට ගානට ඉවර වෙන්න තිබ්බ ක්ලාස් එක අටයි හතලිහට ඉවර කරද්දි මගෙයි අශියගෙයි පණ ගිහින් හිටියෙ.. හැබැයි කොයිම වෙලාවකවත් හිත එක තැනක තියාගන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ. වෙලාවකට ඔලුව මේසෙ ගහන් තව වෙලාවකට මං බෝඩ් එකත් බලන් අභිසෙස් අයියගෙ තරහ ගිය ඇස් දෙක මතක් කරගන්න උත්සාහ කළා. මවාගෙන උනත් මං ට්‍රයි කරේ මගෙ ඇස් දිහාම බලන් එයා ඒ කිව්ව වචන වල තේරුම ඇහිඳින්න. මං තවත් වෙලා ට්‍රයි කරේ අභිසෙස් අයියගෙ ඇස්වල හැඟීම් කියවන්න. වෙන වෙලාවට කිසිම හැඟීමක් නැතුව කළු කුහර වගේ හිස් ඒ ඇස්වල ලාවට වෙනසක් මගෙ ඔලුවෙ පත්තු වේගෙන එද්දි මං හරි සිහියට ආවා. මොනාද මං මේ කරන්නෙ? දකින දකින පාරට මරාගන්න අභිසෙස් අයිය මට එහෙම වෙන්න පුලුවන් ද?




තේව් !Where stories live. Discover now