°°°විසිපස්වෙනි පරිච්ඡේදය°°°

108 11 6
                                    

අහී...

අහී....

සුදූ...

අයිය කතා කරද්දි මට ඇහැරුනා... කොහෙද හොඳටම නින්දගිහින්නෙ.. කරන්න දෙයක් නෑ මහන්සිනෙ ඉතින්.. මං ඈනුමකුත් යවන ගමන් නැගිට්ටා.. ඇළ වෙලා නිදාගන බෙල්ලත් රිදෙනව යකූ..

හාහ්....ඇයි අයියෙ අපි ආවද?

නෑ දරුවො කන්න නැවැත්තුවා... හවස් වෙද්දි රිසෝට් එකට යන්න පුළුවන් වෙයි ගිය ගමන් නිදියගමු.. දැනට නැකිටල ඉන්නකො හරිද..

අයිය කියද්දි මං ඔලුව වැනුව... සේරම වෑන් එකෙන් එලියට බහිද්දි මාත් අයිය එක්ක වෑන් එකෙන් එලියට බැස්සා... සෙට් එකේ මූණවල් ටික බලන්නත් ආසයි අප්පේ.. මට හිනා ගියා.. ලස්සනට ආව අපි නිකන් සත්තු වගේ වෙලා පිළිවලකට ඉඳපු එකම එක්කෙනා අයිය වෙද්දි මං අනික් උන් දිහා බලල හිනා වෙවී හිටියා

ඔක්කොම ඔය කපුටු කූඩු ටික හදාගනිල්ලා...

අභිසෙස් අයිය හිනාවෙවී කියල මං ගාවට ඇවිත් මගෙ වැවිල තිබ්බ කොණ්ඩෙ අතින් හැදුවා...එයා කොහොමත් කොණ්ඩෙ මෙහෙම තියන්වට ආසයිනෙ..අපිඔක්කොම කඩේ ඇතුළට ගියා...ඉඳිආප්පයි කිරි මාළුයි පොල්සම්බෝලයි ඇතුළට යද්දිම මගෙ උකුසු ඇස් වලට අහුවෙද්දි මම ඒ දිහා බලල අයිය දිහා බලන් හිටියෙ මොනාද ඕනෙ අහනකන්...පහයි....හතරායී.....තුනායි....දෙකායි...එකායි... මං හිතෙන් ගනන් කරද්දිම අයිය මං දිහාට හැරුන

මොනාද සුදූට ඕනා?

අරවා...

මං ඉඳිආප්ප දිහාට තොල් දෙකත් උල් කරන් ඇඟිල්ල දික්කරාම අයිය ඒව ගත්තා..අන්තිමේ එතනත් මරාගත්ත අපේ උන් ඔක්කොම ඉඳියාප්ප ගද්දි මමත් හිනාවෙවීම අයියට කියල කවාගත්තා... අතින් කනවට වඩා අයිය ඔක්කෝම එකට දාල චප්ප වෙන්නම අනල කවද්දි රසයි.. ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම අයියට කියල කවාගෙන මට පුරුද්දක් තිබ්බ කෝමත්...

අයියෙ..

ම්ම්...

මතකද දවසක් මට උන හැදිල ඉස්කෝලෙ ඇවිත් ඉද්දි ඔයා මට බැන බැන කවල සික් රූම් එකෙන් ගෙනිහින් දැම්මා..

අයිය හිනාඋනා...

දන්නවද අහී.. මං කැමතිම අපි හම්බුන මුල්ම දවසට යන්න.. දැකපු පළවෙනි දවස නොවුනත් ඔයාගෙ බෝල ඇස් අස්සෙ අතරමං වෙන්න... මගේ නොවුනත් මගේ වෙන්න කියල එදාම බලකරන්න... මං ඒ දවස් වලට හරි ලෝබයි..

තේව් !Where stories live. Discover now