°°°විසිවෙනි පරිච්ඡේදය°°°

83 9 0
                                    

අභිසෙස් අයිය නාගන්න ගියා.... මං ෆෝන් එකත් අතේ තියාගන කල්පනා කරේ මං හිටියෙ කොහොමද.. දැන් ඉන්නෙ කොහොමද කියල.... ඇත්තටම ඒක පිටතින් කාටවත් නෝට් නොවුනට මට ඇතුලෙන් තේරෙනව.. මොකද මං ගැන හොඳටම දන්නෙ මං මිසක් වෙන කවුරුවත් නෙමෙයි... මං ෆෝන් එක අරන් ෆේස්බුක් එකේ රික්වෙස්ට් පැත්තට ගියා... කෙල්ලො වැහි වැහල.. කවුද නොබල මං අයිං කරන් අයිං කරන් ගිහින් in relationship කියල දැම්ම.

ම්ම් ගුඩ් බෝයි..

අභිසෙස් අයියගෙ සීතල කටහඬ ඇහිල මං පපුවට අත තියං ඉක්මනට ඒ පැත්ත බැලුව.. මේ මිනිහා හුස්ම හිර කරල මරනව කොයිවෙලේ හරි මාව..

යකෝ අයියෙ මරන්නද හදන්නෙ ?

අයිය ඉස්සරහ මං කොටට කොටේ කොටෙක් වෙද්දි මං ඔලුව උස්සල අයියට බැන්න..

ඇයි ඉතින්

අනේ මගුල මං නාල එන්නං...

අයියව තල්ලු කරන් ගස්සගන නාගන්න යද්දි එයා හිනා වෙවි මං දිහ බලන් ඉන්නව ඇස් කොනෙන් ලාවට දැක්කත් මං ඉක්මනට බාතෲම් එකට ගිහින් දොර වහගත්තා.. සීතල වතුර ඇඟ දිගේ යද්දි දවසෙ මහන්සිය හේදිල ගියපු මම එතන තිබ්බ සුවඳම ශැම්පො එක අරන් ගාගත්තා...ම්ම්හ්හ් සුවඳයි...මෙහෙම අපෙ ගෙදර ඉන්න එක එයාට ප්‍රශ්නයක් නොවෙන්න එකම හේතුව වෙන්න ඇත්තෙ එයාගෙ තාත්තා...මොකක් හරි සමුළුවකට මේ දවස් වල රටින් පිටවෙලා ඉන්න එක වෙන්න ඇතී.. කොහොම උනත් එයා මෙහෙ ඉන්නවනං මං කැමති... එතකොට මටත් තනියක් නෑ... ඇරත් කවුද අකමැති ආදරේ කරන එක්කෙනා ගාවට වෙලා ඉන්න...


මං නාගන එලියට එද්දි අභිසෙස් අයිය ඉඳගන මගෙ පොතක් කියෝනව... මං කිව්වෙ... මගෙ කාබරේ අයිනට වෙන්න තිබ්බ පුංචි පොත් කබඩ් එකෙන්... 



ඔයාට ඔය රිසර්ච් තේරෙනවද?


ම්ම්... මේ ළමයට අමතකද අවුරුද්දක් ඔයාට වඩා වැඩිමල් කියල?


හිහී.....අමතක උනා නෙමේ අනේ.. අහන්න දෙයක් නැති කමට ඇහුවෙ....



මං ගිහිල්ල අයියගෙ ඔලුවට උඩින් පොතට එබුන...විනාඩියක්...දෙකක්.... ගෙවිල යනවත් එක්කම අභිසෙස් අයිය අතේ තිබ්බ පොත උඩට මගෙ බාගෙට පිහපු....බාගෙට පිහපු කියන්නත් බෑ... පිහිදැම්මෙ නැති කොණ්ඩෙන් වතුර වැටුනෙ අයිය රවල මං දිහා බලද්දී...

තේව් !Where stories live. Discover now