°°°පහලොස්වෙනි පරිච්ඡේදය°°°

71 8 2
                                    

අභිසෙස් අයිය නිතරම කතා කරල පරිස්සම් වෙන්න කිව්වත් මට කිසිම අනතුරක සේයාවක්වත් දැනුනෙ නෑ... සමහරවිට අර කුණාටුවක කලින් පරිසරය නිසලයි කියනවනෙ... එහෙම එකක් වෙන්නත් පුලුවන්. ඉතින් මමත් හිමීට ඕක හිතෙන් අතෑරල දැම්ම.. අනික මොකක් උනත් මම බබා හුකුං වෙන්න කැමති කොල්ලෙක් නෙමේ.. හිතාගන්න බැරි අභිසෙස් අයියගෙ ප්‍රශ්නයක් කොහොමද මට එන්නෙ කියල.. ඒත් බිස්නස් ප්‍රශ්න?? සමහරවිට එයාලගෙ තාත්තගෙ ඇමතිපට්ටම පස්සෙ අයිය යයි කියල වෙන්න ඇති කියලත් නොහිතුනාම නෙමෙයි..  වෙනදටත් වඩා අශියා ඉන්නෙ සතුටෙන් කියල මට මේ දවස් ටිකේ තේරුනත් අශෙල් අයිය හේ බැහැල ගිහින් තිබ්බා.. ඌ තාම පසුතැවෙනව ඇති. අභිසෙස් අයිය උනත් එයා ගැන මහ ලොකුවට කතා නොකරෙ අයියටත් එක්සෑම් එක්ක තව ප්‍රශ්න ගොඩක් තියෙද්දි... ඇරත් අපි ඔක්කොම ගවර්න්මන්ට් යුනි යන්න අදහසක් නෑ. ප්‍රයිවට් ඩිග්‍රි එක කරන්න තමා බලාපොරොත්තුව. එහෙම උනොත් අයිය කිව්වෙ මං එක්සෑම් කරල එනකල් එයා ඉන්නං කියල... තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නව කියන එක තරං සතුටක් කොයිද ඉතිං.. මං බයික් එකෙන් පාරෙ ගිය කාර් එකකට වෙට්ටුවක් දාල ඊට ඉස්සරහින් ගිය කාර් එකටත් වෙට්ටුවක් දාද්දි මට මීටර් උනේ මං පිටිපස්සෙන් එන  වෑන් එකටත්  ඒ වගේම කරන්න ගිහින් ආයෙ පස්සට ගියා... එච්චර ගනන් නොගත්තත් මං ආයෙ යන්නෝන පාරට නැතුව වෙනින් පාරකට හැරිල ෆෝන් එක අතට ගත්තෙ ඒක රිං වෙන නිසා.. අභිසෙස් අයියගෙන් කෝල් තුනක් තියෙනව කියල දැක්කම මගෙ බොක්ක රත් වෙලා කූල් වෙලා ගියා. මලහත්තිහුත්තයි බැනුං අහන්න වෙයිද දන්නෑ.. මං ඒක කනේ ගහගත්තා.. කොහොමත් එයාල වැඩිය මූණ පෙන්නන්නෑහ්. ලොකු ලයින් නෙ දැන්. නෑනෑ ලොකු ලයින් නෙමේ එයාල පාඩං කරනො

අහී ඔයා කොහෙද ඉන්නෙ

පාරෙ ඉන්නෙ අයියෙ මොකත

ඉක්මනට ගෙදර යනව

ඒ මොකද?

පණ්ඩිතය වෙන්නෙපා. දැන් පස්සෙන් කළුපාට වෑන් එකක් ආව නේද?

ඔව්නෙ ඔයා කොහොමද දන්නෙ

කියන දේ අහල ඒක ඉක්මනට මගෑරල එනව අහී... පුලුවන්නං ගෙදර නොයා වෙන කොහෙහරි යන්න...මිනිස්සු ඉන්න දිහාකට.... ඉඳල යන්න

තේව් !Wo Geschichten leben. Entdecke jetzt