°°°දහවෙනි පරිච්ඡේදය°°°

101 12 3
                                    

වෙනදට ගොං ඌරෙක් වගේ නිදාගන්න මං අද අම්ම එකපාර කතා කරද්දි නැගිට්ට. අම්මල ඇවිත්ද? හොඳ කම්මැලියකුත් ඇරල මං ඇඳෙන් ඉඳගත්ත. වෙනදට හොයන්න නැති ෆෝන් එකත් මං ගාව ස්ක්‍රීන් එක ඕපන් කරද්දිම අභිසෙස් අයියගෙ නොටිෆිකේශන් වගයක් ඇවිත් තිබ්බා. 

Good morning angel!

Welassana enna 



Good morning

mn ennam

මං ෆෝන් එක පැත්තකට දාල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න නැගිට්ට. ඒත් එක්කම අම්ම කාමරේට ආව. 



මෙන්න මේ ළමය නැගිටල! මේක නං ලෝක වාර්තාවක්.

අනේ නිකන් ඉන්න අම්මා



අම්මයි තාත්තයි ගෙදර එන්නෙ කලාතුරකින්, එයාල දෙන්න සතුටෙන් ඉන්නව. අයිය ගෙදර නැතුව ඇති මං හිතන්නෙ. තාත්ත එක්ක අයියගෙ ලොකු හොඳක් නැති නිසා එයා එයාගෙ අපාට්මන්ට් එකට යන්න ඇති. හවස අයියගෙ අපාට්මන්ට් එකට ගිහින් එනව. බයික් එකක් තියන් බස් එකේ ඉස්කෝලෙ යන එකනං එපා වෙනව මගුල. මං බාත් රූම් එකට ගිහින් දොර වහගත්තා. උදේ පාන්දර සීතල වතුර ඇඟට වැටෙද්දි නිකම් මොකද්ද වගේ. මගේ අතේ මයිල් ටික ගැලවිල යන්න තරම් සැරට කෙලිං උනා. මොකෙක් හරි උදේම වැහිච්ච යකා අනුව මට අද මතක් උනේ ශකීරගෙ සිංදුවක්

"Tsamina mina, eh eh
Waka waka, eh eh
Tsamina mina zangalewa
Anawa ah ahTsamina mina, eh eh
Waka waka, eh eh
Tsamina mina zangalewa
Porque esto es ÁfricaDjango, eh eh
Django, eh eh
Tsamina mina zangalewa
Anawa ah ahDjango, eh eh
Django, eh eh
Tsamina mina zangalewa
Anawa ah ahPorque esto es Áf- ටහුක්-



සබන් ගාන ගමන් අභිසෙස් අයිය මතක් වෙලා උඩ පනින්න ගිහින් සබන් වලට ලිස්සිල කවකට්ටෙන් ඇඳල වගේ තියන මගේ ගානට රව්ම් වෙච්ච පශ්චාත් භාගය බිම ඇනුනා. ඇනුන ඇනිල්ලට රෑ තරු ලයිව් මගෙ ඔලුව වටේ කැරකෙන්න ගත්ත. විනෝදයි! තිබ්බ නිදිමතයි කම්මැලිගතියයි ඔක්කොම ඒකෙන් ඇරිල යද්දි මං නාගෙන ඉවර වෙලා, කාල බීල ඉස්කෝලෙට එන්න බස් එකට නැග්ගෙ. බස් එකේ හිටපු තුහාන් අයියයි සයුල් අයියයි මට මනමාල හිනාවක් දාද්දි මං ඊට එහාපැත්තෙ ජනේලෙ ගාවට වෙන්න ඉඳපු අභිසෙස් අයිය දිහා බැලුව උන් දෙන්නට ඇහැක් ගහන් එතන මැද්දෙම් පැනල අභිසෙස් අයිය ගාවින් ජනේලෙ අයිනෙ ඉඳගත්තෙ ඒකගෙ මූණ දෙකවෙද්දි. සෙනග නෑ අද! ඒක හොඳයි නැත්තම් ෆුට් බෝඩ් තමා. එකපාරටම මට එදා ෆුට් බෝඩ් එකේ අභිසෙස් අයිය මාව අල්ලගත්ත එක මතක් උනා.



තේව් !Where stories live. Discover now