°°°විසි එක්වෙනි පරිච්ඡේදය°°°

90 8 0
                                    

..........................................................................

මූණකට හෝදන් කාමරෙන් එලියට යද්දි තාත්තයි අම්මයි දෙන්නත් කුස්සියෙ ඉඳගන තේ බොනවා..මාවයි අයියවයි දැක්ක අම්ම හිනාවෙද්දි තාත්ත ඇහිබැමක් ඉස්සුවා. මුලින්ම කතා කරේ අම්ම වෙද්දි අයිය අම්ම එක්ක හිනා උනා

.............................................................


ගුඩ්මෝනින් පුතාලා.. අනේ කොහෙද ඊයෙ එද්දි හුඟක් රෑ උනානෙ දරුවෝ... සුමන කීව දෙන්න කාල නිදාගත්ත කියල..

අයිය අම්මට උත්තරයක් දෙන්න කලින් තාත්ත මැදින් පැන්නා..

මේ දේවින්ද ඇමති තුමාගෙ පුතා නේද?

ඔව් අංකල්..

ඉඳගන්න පුතා,

තාත්තගෙ අමුතු සුහදකම දිහා මං කෝප්පෙකට වතුර පුරෝගන්න ගමන් බලන් හිටිය.. මොන මගුලක්ද මේ... එන්නෙ හොඳකටනම් වෙන්න බෑ පුතෝ... කෝප්පෙට වතුර පුරෝල ඉවර වෙලා මං අභිසෙස් අයියට ගිහින් දුන්න...

මොකද පුතා ඔයාගෙ කෝප්පෙ දෙන්නෙ... ආන්න අර වීදුරු කෝප්පයක් අරන් හෝදල දෙන්න...

අම්ම කියද්දි අයිය ඉක්මනට ඒකෙ තිබ්බ වතුර එක බිව්ව...ගැම්මක් තමා...

ඕන වෙන එකක් නෑ මයෙ හිතේ අයිය බීව..

දෙන්න හොඳ යාලුවො වගේ...

තාත්ත කතා කරා "හොඳ යාලුවො කොහෙද අපි හොඳ බෝයිප්‍රෙන්ලා" කියන්න මගෙ කට ඇරුනත් මං කට වහන් ඔව් කියන්න ඔලුව හෙලෙව්වා... මාත් ගිහින් අභිසෙස් අයිය ගාවින් ඉඳගද්දි සැරෙන් සැරේ තාත්ත බලන බැල්ම මට ඇල්ලුවෙ නැති තරම් උනා... මොකාට එන්න හදනවද දන්නෑ... සාමාන්‍යෙන් තාත්ත කෙනෙක්ට ළං වෙනව බොහෝම අඩු නිසා මං කෝකටත් කියල ඒ දිහාට පොඩ්ඩක් වැඩියෙන් අවදානෙ දීගන ඉන්න කල්පනා කරා..

පුතා නේද දැන් බිස්නස් කරගෙන යන්නෙ?

ඔව් අංකල්... ඒත් මං ඩිග්‍රි එක අතට ගත්ත ගමන් ඕවගෙන් අයින් වෙනව

ඒ මොකද පුතා

මං කැමති නෑ අංකල් තාත්තගෙ දේශපාලන කුණුගොඩවල් වලට මාව පැටලෙනවට..

තේව් !Where stories live. Discover now