°°°අටවෙනි පරිච්ඡේදය°°°

107 10 2
                                    

අහිංස!!

අභිසෙස් අයියගෙ මූණෙ තිබුනෙ මහ මහන්සි පාටක්. මං දොරත් හිමීට වහගෙන එයා ගාවින් ඉඳගත්තා. අයිය මගෙ උරිස්ස උඩින් ඔලුව තියාගත්තෙ මං ගැස්සිල යද්දි. මමත් හෙල්ලෙන්නෙවත් නැතුව එහෙම්ම හිටියා. ඒත් ඇටකෝටු ඇනිල රිදෙන්නැද්ද මංද මේ මනුස්සයට. මං කල්පනා කරෙ මගෙ අත් දෙක තද කරල අල්ලගෙන. මගෙ පපුව අස්සෙන් හිරියක් යනව වගේ දැනුන. 

අ-අයියෙ?

මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න අහිංස

මං එහෙම්ම කල්පනාවට වැටුන. ඇයි මේ හදිස්සියෙ? මොකක් වෙලාද මේ මනුස්සයට. එයා  මට එන්න කිව්වෙ මෙහෙම ඉන්නද? විනාඩි දහයක්, පහලවක් මම එකම විදියට මේ මනුස්සයවත් උරිස්සෙ හේත්තූ කරන් හිටියා. අන්තිමේ ඇස් වහන් ඉඳපු අභිසෙස් අයියා ඇස් ඇරියා. ලොකු කතාවක් එයාගෙ ඇස් දෙකෙන් මට පෙනුනත් එයා කියන්න ලෑස්තියක් නෑ වගේ පෙනුනා. තාමත්? අභිසෙස් අයිය බලන් හිටියෙ මගෙ ඇස් දිහා... මමත් ලාවට ඇස් දිහා බලල ආයෙම අහක බලාගත්තා.

අහිංස, මට ඔයාට කියන්න දේවල් ගොඩාක් තියනවා. ඒත් මේ වෙලාවෙ මට ඔයාට ඒක කියන්න තරම් හිතේ හයියක් නෑ. පුළුවන්නම් තේරුම්ගන්න

එහෙම කියල අභිසෙස් අයිය මං අතේ චොකලට් එකක් තිබ්බා. 

පරිස්සමින්! අද ස්විමින් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර යන්න. මටත් ෆුට්බෝල් ප්‍රැක්ටිස්. ඕන්නං මං ඩ්‍රයිවට කියන්නම්-

නෑ අයියෙ මට යන්න පුලුවන් කරදර වෙන්න එපා! තැන්කිව්

හ්ම්!!! එහෙනං මම යනවා. පරිස්සමට 

එහෙම කිව්ව අභිසෙස් අයිය නැගිටල මීඩියා රූම් එකේ දොරත් වහගෙන යන්න ගියා. අන්තිම පීරියඩ් එකට යන්න කම්මැලි නිසා මමත් අයිය දුන්න චොක්ලට් එක සාක්කුවට දාගන ටේබල් එකකින් ඔලුව තියාගත්තා.  ඔලුවත් එක්ක විකාරයි චොක්ලට් එකක් දෙන්නද මේ මනුස්සය මට එන්න කිව්වෙ? ඒකත් වයිට් එකක්, එයා හිතල දුන්නද නැත්තම් මං ඩාක් ඒව කන්නෑ කියල දැනගන දුන්නද? ඔලුව තියන් ඉද්දි මට හෙමීට නින්ද ගියා. ආයෙම මාව ඇහැරුනේ ස්කූල් ඉවර වෙලා ගාතා කියන සද්දෙට, ගාතා කියන එන ඉවර වෙනකල් මීඩියා එකේම ඉඳල මං එලියට බැහැල මීඩියා එක ලොක් කලා. ඊටපස්සෙ අපෙ ක්ලාස් එකට ගියෙ බෑග් එක අරන් පූල් එක දිහාට යන්න. අභිසෙස් අයිය දුන්න චොක්ලට් එකත් බෑග් එකේ පොතක් අස්සෙ පරිස්සමට දාගෙන මං ක්ලාස් එකෙනුත් එලියට ඇවිත් අරලිය මල් ගස් අස්සෙන් පූල් එක දිහාට ඇවිදන් ගියා.  ඒ හරියෙ අලුතෙන් බිල්ඩින් එක්කුත් හදනවා. අනේ මංද අරව කියයි මේව කියයි පුදුම හැදිල්ලක් තමා හදන්නෙ. අපෙනුත් අර පහසුකම් මේ පහසුකම් ගගා හෙන ගානක් අවුරුද්දකට ගන්නව ඇත්තමයි ළමයි දෙන්න තුන්දෙනා ඉන්න දුප්පත් ස්කොලර්ශිප්ස් වලින් ආව ළමයින්ගෙ ගෙවල් වල මිනිස්සු මේව කොහොම ගෙවනවද කියල. මං පූල් එක පැත්තට යද්දි මට ග්‍රව්න්ඩ් එකෙන් සද්දයක් ඇහුන. මං හිමීට ඒ පැත්තටත් ඔලුව දාල බැලුවම අභිසෙස් අයියල ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරනව. අනෝ සෝටක් ගහගෙන අභිසෙස් අයිය බෝලෙකට පයින් ගනව. අම්මෝ මුගෙ ගල. මස්ල් බේරිල පේද්දි මං සේප් එකේ අහක බලන් එතනින් ආවා. තව ටිකක් එතන හිටිය නං මං එතනම වලකජ්ජ ගහනවා

තේව් !Where stories live. Discover now