°°°දහනමවෙනි පරිච්ඡේදය°°°

80 9 0
                                    

අපි හැමෝම හිටියෙ මගෙ කාමරේ... පලවෙනි පාරට අපෙ ගෙදෙට්ට ආව අභිසෙස් අයියයි අශෙල් අයියයි මගෙ කාමරේ සුන්දරත්වෙයෙන් මුසපත් වෙලා ද කොහෙද...ඔහෝ....ගැම්මක් තමයි....



අභිසෙස් අයියගෙ යාලුවත් කාමරේට ඇවිත් ජැකට් එක ගැලෙව්වා... හත්තික්කේ මුගෙ ඇඟේ පච්ච තොගේ...නිකං පච්චසිරා වගේනෙ.... ඌ ඇඟත් හදල පට්ට ඇඟ. මං බලං ඉද්දි මගෙ බඩ කවුරු හරි කෙනිත්තුවා....

ආව්වා....


ලස්සනයිද ඌ?

අනේ මේ මං එහෙම එකක් නෙමේ බැලුවෙ...මාර ඉරිසියාවක් තමයි තියෙන්නෙ.....

අභිසෙස් අයිය මට ගස්සගන ගිහිං මගෙ ඇඳෙන් ඉඳගත්තම අපිත් පෝලිමට ඉඳගත්තා....


හායි මම අකිල්... අකිල් සුවහස්

අලුත් යාලුව කතා කලා... මං බලන් හිටියෙ උගෙ ටැටූ දිහා... ඉහික් මූ බලපන්කො කෙල්ලො ඇති ගමකට නේ... එතන තිබ්බ කාරණාව තමා දැකලත් අහක බලන් ගියපු අශෙල් අශ්වින් දෙන්න එකට ඉඳගන හිටපු එක.. සමහරවිට සම්භන්දයක් නැති උනත් දෙන්න අඩුතරමෙ කතා කරන්න හරි ඇතිනෙ....

~

දැන් එතකොට අභිසෙස් කියන්නෙ උඹල දෙන්න පස්සෙන් එන්නෙ තාත්තගෙ බිස්නස් එනිමීස්ලා කියලද?

අකිල් අයිය කතා කරා...එයත් අයියලගෙ වයසෙම කෙනෙක්..හැබැයි වෙන ස්කූල් එකක... එකම ළඟ තියන ස්කූල් නෙ ඉතින්...

ම්ම්...මට මේව තාත්තට කියන එක ප්‍රශ්නයක් නෑ බං එතකොට මෙතන්ට අහිංසව ගෑවුන විදිය එයා හොයන්න ගන්නව... මං හිතන්නෑ...අපෙ තාත්තල මේ ප්‍රශ්නෙ හොඳ විදියට දකීවි කියල...

දැන් එතකොට මගෙන් වෙන්නෝන දේ කෙටියෙන් කිව්වොත් මගෙ සෙට් එකක් ඔතනට දම්මන්න ඕනෙ? එහෙමනෙ?

ඔව්... මට ලොකුවට අයිඩියා එකක් නෑ... මොකද අවුරුදු විසි ගනන් වල කොල්ලො තුන් හතර දෙනෙක්ට ලෝකෙ කාල වතුර බීල ඉන්න මනුස්සයෙක්ගෙන් ලේසියට බේරෙන්න හම්බෙයි කියල...

අකිල් ඇහිබැමක් උස්සල අයියදිහා බැලුවෙ හරියට are you kidding me ? කියල අහනව වගේ.... අභිසෙස් අයියටත් බකස්ගාල හිනාවක් යද්දි මමත් හිනාවෙන්නෙ මොකටද නොදැන මෝඩය වගේ හිනා උනා.... මොනා කරන්නද දෙයියනෙ ඉටින්.. අපෙ ගෙදර හම්බුනයි කියල මට අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනෙ.... මං කියල කරේ නැන්ද ගෙනාව තේ ටික අරන් මේසෙ උඩ තිබ්බ එකයි දැනටමත් ඉවර වෙලා තියන කුකීස් වලින් බාගෙකුයි කෑව එක....

තේව් !Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ