°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°

74 8 0
                                    

අපි ඔක්කොම හිටියෙ ඉස්කෝලෙ. ඔක්කොම කිව්වෙ මමයි අශියයි කොහොමත් අපිට වෙන පිටින් යාලුවොනෑනෙ. අභිසෙස් අයිය උනත් උදේ ඇවිත් මට කිව්වෙ අශෙල් අයිය ඉස්කෝලෙ ආවෙත් නෑ කියල. ඇත්ත තමා කරපු වැඩේට මූණ දෙන්න බැරුව ඇති. අශ්වින් හොඳින් කියල පෙන්නුවත් ඌ කිසිම හොඳකින් නෙමේ හිටියෙ. අපිට පේන්න එහෙම හිටියා වගේ. කොහොමත් අශෙල් අයියට ආයෙමත් කිසිම සමාවක් අශ්වින්ගෙන් ලැබෙන එකක් නෑ. ටිකෙන් ටික අභිසෙස් අයියලගෙ සිලබස් ඉවර වෙද්දි එයාලට පාඩම් කරන්න ගෙදර එහෙම නවතින්න පුලුවන්කම ලැබුන. මං උනට් අභිසෙස් අයියට එහෙම ලොකූ ප්‍රෙශර් එකක් දුන්නෙ නෑ. ඒත් අශෙල් අයිය එකපාරටම අමුතු විකාර චරිතයක් වෙන්න ගත්තෙ අපි හැමෝම පුදුම කරලා..

ඉස්කෝලෙ අවුරුදු උත්සවේට හැමදේම ලෑස්තිකරල අවුරුදු උත්සවේට දවසක් තියෙද්දි මට මහ පාන්දර මට කෝල් එකක් ආවෙ...... වෙන කාගෙන්ද ඉතිං මගෙ ප්‍රේම පුරාණය අභිසෙස් අයියගෙන්. නිදිමතේ ඔහේ ඇඳේ පෙරලි පෙරළි ඉඳල කකුල් ගස ගස නැගිටල ඇඳේ ඉඳගත්ත මං අයියගෙ කෝල් එක ආන්ස කරල කනේ ගහගත්ත.

අයියෙ

අහී... මේ අහන්නකො

අභිසෙස් අයියගෙ කටහඬ කලබලෙන් වෙව්ලන ගතියකිං පිරිල තිබ්බා.. හේතුවක් අහන්න ඌමනා උනත් මං ඉස්සරෝම අයිය කියනදේට ඇහුම්කන් දුන්න. ඇත්තටම අයිය කතා කරන විදියට මං උනත් බය වෙන එක සාදාරණයි.

කියන්න අයියෙ මං අහන් ඉන්නෙ

රත්තරන් මං කියන දේ හොඳට අහගන්න හරිද? මට හෙට ස්කූල් එන්න බැරි වේවි! මට, අශෙල්ට ඒ වගේම අපේ අනිත් දෙන්නටත්. මං දන්නව හෙට අපි එන්නම ඕන දවසක් වැඩ වැඩි දවසක් ටොප් බෝඩ් එක නැතුව හෙට වැඩ අමාරුයි. ඒත් මට මේ වෙලාවෙ කියන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ. මට විතරක් නෙමේ. මං හිතනව ඔයා මාව තේරුම් ගනීවි කියල. පුලුවන් නම් අශ්වින් එක්ක අපෙ වැඩ ටික හෙට බලනවද? අපි එන්න බලන්නම්. අශෙල් ලොකු ප්‍රශ්නයක් දාගන. ඌට විතරක් නෙමේ මටත්

අයියෙ-

මට දැනට මෙච්චරයි කියන්න පුලුවන් පරිස්සමට හෙට වැඩ කරගන්න. තේරුනාද!

තේව් !Where stories live. Discover now