°°°එකොළොස්වෙනි පරිච්ඡේදය°°°

87 10 0
                                    

හැමෝම බලන් ඉඳපු ස්පෝට්මීට් දවස ආව. ග්‍රව්න්ඩ් එක ඉස්සරහින් ඇවිත් බැස්සම මට දවල් තරු පෙනුනෙ ඉඳ්පු සෙනග දැකල. බුදු දෙයියෝ! සෙනඟ ගලනව ඇතුල්ට.  මං හෙව්වෙ අභිසෙස් අයියව. අශිය නං බැස්ස ගමන් මූණත් උරුක් කරන් යන්න ගියා. යකෝ මං මොන උට්ටක් කරාටද මූ මට පුප්පන්නෙ. සෙනග ගැන කතා කරොත් මෙතන ගනං කරල බැරි තරං මිනිස්සු ඉන්නව. අපෙ ඉකෝලෙ ග්‍රේඩ් වන් වල ඉඳන් තර්ටීන් වෙනකල් ළමයි ටිකයි, ඒ ළමයින්ගෙ පේරන්ට්ස්ලයි, පරන ළමයිනුයි, ඒ ළමයින්ගෙ ළමයි, ආදි ශිෂ්‍ය සංගමේ අලි ඔලුකාරයො ටිකයි, ආරාදිත පාසල් වලින් ආව සෙට් එකයි ඔක්කොම බැස්සම කෝමත් ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අශියත් නැති එකේ මං තනියෙං ග්‍රව්න් එකේ අපෙ හව්ස් එක තියන දිහාට ඇවිදන් ගියා. මරු හව්ස් එක ලොකුවට හදල තිබ්බ. ඇත්තටම ඒක පරන මාළිගාවක් වගේ. කොල්ලො දස්සයො. මං ඇතුලට යද්දි අපෙ කොල්ලො සෙට් එක ඉඳගෙන කෑගහනව. 



ආපෝ උඹලගෙ කටවල් වල සද්දෙ ගේට්ටුව ගාවට ඇහෙනව යකෝ



මං කිව්වම කට්ටියම මගෙ මූණ දිහා බැලුව. 



සිරාවට?



නැත්තං බල්ලො! ඔය බීම එක දීපන්කො



උන් බිබී ඉඳපු කෝක් බෝතලේ මං අරන් බොන්න ගත්ත. හම්මෝ ගිනි රස්නෙයි යකෝ! අශිය කොහෙ ගිහින්ද දන්නෑ ෆෝන් එක අරන් අභිසෙස් අයියටයි අශියටයි දෙන්නටම මැසේජ් එකක් දාල මං ආයෙ ෆෝන් එක ඇතුල්ට දාගත්ත. අද නං එපාවෙයි. ජීවිතේ තියෙනකල් ආයෙ මෙච්චර කටු කන්නෑ. ටිකක් වෙලා ඉඳල මං අර ෆැමිලියන් එක පැත්තට ඇවිදන් ගියා. ඒ හරියෙ තමයි ආරාදිත අමුත්තො ඉස්කෝලෙ මිස්ලා ප්‍රින්සිපල් එහෙම ඉඳගන්නෙ. ගිනිසිළුව පත්තු කරන වෙලාව නිසා අස්සෙන් අස්සෙන් යන එක අමාරු උනා. මං ශේපට එතන ගහල තිබ්බ හට් එකක් පිටිපස්සට පැන්නෙ එතනිං යන්න උනත් එකපාරටම එතන මාව හිර උනා



ඈ වනචරයෙක්


තේව් !जहाँ कहानियाँ रहती हैं। अभी खोजें