°°°දොළොස්වෙනි පරිච්ඡේදය°°°

74 9 0
                                    

මං දන්නෑ අයියෙ. තාම මට හිතාගන්න බෑ මොකද්ද ඒ අශෙල් අයිය කරපු බලු වැඩේ කියල. අයිය දන්නෑ අශ්වින් කොච්චර අහිංසකද කියල.

මං හිටියෙ ගෙදර කාමරේ. ඇත්තටම කාටවත්ම අද ස්කූල් යන්න ඌමනාවක් තිබ්බෙ නෑ. මං උදේම අශියට කතා කරාම ඌ යන්නෑ කිව්ව නිසා මමත් ගෙදර හිටියෙ අභිසෙස් අයියටත් මැසේජ් එකක් දාල තව පැය තුන හතරක් නිදාගත්ත. පස්සෙ නැගිටල වට්සප් එක පැත්තට යද්දි අභිසෙස් අයියගෙන් මැසේජ් විසි එකකුයි කෝල් හතරකුයි තිබ්බ. ඇත්තටම මේ මනුස්සය මං ගැන හොයල බලන විදියට මං කැමති. හවසට අශ්වින්ලෑ ගෙවල් පැත්තෙ ගිහින් ඌට මොකද බලන්න ඕන. මං කල්පනාවෙ ඉද්දි අභිසෙස් අයිය එහෙං කතා කරා.

ඒක තමයි අහී.. සමහරවිට අපි නොදන්න මොනවම හරි දෙයක් වෙන්න පුලුවන් නෙ. මටත් හිතාගන්න බෑ අශෙල් එහෙම කරා කිව්වම. අපි හිතනවට වඩා උන්ගෙ පව්ල ටිකක් තදයි මල්ලි

හ්ම්...ඒත් එහෙම එකක් නං හරි විදියට තේරුම් කරන්න තිබ්බ, ඇරත් මොකද්ද අයියෙ ශෙහාරා අල්ලං එයා කරන්නෙ?

ඒක තමයි අහී. බලමුකො වෙන දෙයක්. ඔයා අශ්වින් ට කතා කලාද?

එකාතකින් අභිසෙස් අයිය පව්, වටෙන්ම තැලෙනව. අශෙල් අයිය උනත් දැනගන්න ඕන බොරු බලාපොරොත්තු නොදී ඉන්න. නෑ මං අවසානෙ මටයි අභිසෙස් අයියටයි එකතු වෙන්න පුලුවන් වෙයි කියනව නෙමෙයි. ඒ උනත් අඩුතරමෙ අඩුපාඩුවක් නොකර අයිය මට ආදරේ හරි කරනවනේ. අනික අර දෙන්න යාලු වෙලා දවස් කීයද?? කම්පෙයාකරනව නෙමෙයි. ඒ උනත් අශ්වින් හරි අහිංසකයි

අහී????

ආයෙ අශ්වින් පස්සෙ ආවොත් මං අශෙල් අයියගෙ ජනපද බෝල කපල කුඩු කරනව.

අහී!!!

ආහ් ඕ අයියෙ

අශ්වින් බලන්න යනවද?

හවසට ඒ පැත්තෙ ගිහින් එන්නං අයියෙ.

මාත් එන්නද?

තේව් !Where stories live. Discover now