°°°දාහත්වෙනි පරිච්ඡේදය°°°

66 10 15
                                    

අපි හැමෝම හිටියෙ මුහුදු වෙරලෙ... මමයි අශියයි අභිසෙස් අයියයි...යුනි එකට ළඟ නිසා නිතර දෙවේලෙ දෙහිවල බීච් එකට එන්න පුරුදු උනා... අශෙල් අයිය කොහෙට උනාද මංද මේ මිනිහ පලවෙනි ලෙක්චර් එකට විතරයි ආවෙ...අශෙල් අයිය ගැන හිතල වැඩක් නැති නිසා මම අශ්වින්ට පොඩ්ඩක් ඉන්න දීල අභිසෙස් අයිය එක්ක එහාට උනා...අයිය මුහුද පැත්ත හැරිල ලොකු කල්පනාවක ඉද්දි මං අභිසෙස් අයිය ඉස්සරහින් හිටගෙන එයාගෙ මූණට එබුන...දැනටමත් එයාගෙ මූණෙ ලාවට රැවුල් වැවිල....තද පිරිමි ගතියක් එලියට පේන්න අරන් තිබුන...කප්පල දාන්නෝන.මං ආස නෑ රැව්ල ඇනෙනවට..

අභිසෙස් අයියෙ...

එයා තද කල්පනාවක ගිලිලා...මාව ඉනෙන් අල්ලන් ළඟට පොඩ්ඩක් ගද්දි මමත් එහෙම්ම එයාගෙ බෙල්ලවටේ මගෙ අත් දාගත්තා....ටිකක් වෙලා මුහුද බලන් ඉඳිය එයා සද්ද නැතුව මගෙ මූණදිහා බලන් හිටිය...

මැනික ඔතනින් අයින් වෙන්න අනේ...ඔයාට අව්ව වැටෙනව පේන්නැද්ද??

බ්වෑහ් මං අයින් උනොත් ඔයාට අව්වයිනෙ...

අනේ අම්මපල්ල කියන දෙයක් කනකට ගන්නෙ නැති හැටි...

අපිට ඇහිච්ච කටහඬවල් දෙකත් එක්ක අපි ඒ පැත්ත බැලුව...බැලූ බැල්මට මිනිස්සු අසංවරයි කියාවි...මොකද ඒ කෙල්ල හිටියෙ ඒ කොල්ලගෙ උකුළ උඩ ඉඳගන...ඒත් අපිට එයාල කතා කරපු දේවල් ඇහුන නිසා අපි තේරුම් ගත්ත කොච්චර ආදරෙන් ඉන්න දෙන්නෙක්ද කියල...අනේ පව්... කුඩයක් නැද්ද කොහෙද...එක්කො ගේන්න අමතක වෙන්න ඇති...මොනව නැතත් ඒ ගෑනුළමය පිරිමි ළමයට වඩා ලස්සනයි...සමහරුන්ට හිතෙන්න පුළුවන් ඇයි ඒ කෙල්ලට ඔයිට වඩා ලස්සන කොල්ලෙක් හොයාගන්ඩ තිබ්බනෙ කියල...ඒත් මොනව කරන්නද ඒ ආදරේ හැටි....සමහරවිට රූපෙන් නොගැලපුනත් දෙන්න හදවතින් ගැලපෙනව ඇති....ඒ දෙන්න අඩු තරමෙ කිස් එකක්වත් එතන දුන්නැ...සමහරවිට ඒ කොල්ල ඒ තරම් එයා පරිස්සම් කරනව ඇති...


අහී මොනාද කල්පනා කරන්නෙ.?


මං අභිසෙස් අයියගෙ කටහඬින් සිහියට එද්දි එයා මගෙ මූණ දිහා බලන් ඇස් අඩවන් කරන් ඉන්නව....ඒ ඇස් කොන් ලාවට රතු වෙලා තියෙද්දි මං ඒ පපුව අස්සෙ මූණ ගහගත්තා...


තේව් !Where stories live. Discover now