°°°හයවෙනි පරිච්ඡේදය°°°

109 12 1
                                    

ඉස්කෝලෙ ඉවර වෙලා මමයි අශියයි ඉස්කෝලෙ ගේට් එක පැත්තට හිමිං ගෑටුවා.

ඒයි අශ්වින් ඕම ඉන්නෝ... අපි දෙන්නත් එන්නං

එහෙම කියං අශෙල් අයිය අභිසෙස් අයියත් එක්ක බෑග් දෙකත් අරන් අපි එක්ක එන්න ආව. මං උන් දෙන්නට ඉස්සර වෙන්න දීල හිමීට පහු වෙන්න දීල පිටිපස්සෙං ඇවිදන් ගියා. අනේ මංද ජෝඩුව සෙට්වත්ද? කමන්නෑ අශියා කියනකන් ඉමුකො. අනේහ් කොකටුවා කොකටු නාම්බෙක් හොයාගෙන. ගැම්මක් තමා. මටත් පැන්ඩෙක් වත් හොයාගන්න තිබ්බ නං.

අහ්ම්ම්!

මං ගාවින්ම ඇහුන සද්දෙට මං උඩ විසි උනා. මූගෙ ආච්චිට හික්කඩු යන්න

ටව්කන්ඩ කවු-

බෙල්ලත් කරකෝල බලද්දි කින්ඩි හිනාවක් දාන් මට එහාපැත්තෙන් හිටියෙ අභිසෙස් අයියා. මූ මගෙ ප්‍රෙශර් නග්ගනව අම්මේ.. මූණ දිහා බලල මම ආයිමත් ඉස්සරහ බලං ඇවිදන් ගියා. අයියත් කිසිම කතාවක් නැතුව ෆෝන් එක ඔබ ඔබ මගෙ එහා පැත්තකින් ආවා. අරුන් දෙන්න ඉස්සරහින් යනව. ශේප් එකේ අහල බලන්න ඕන දෙන්න කපල්ද කියල.

අභිසෙස් ලොරේන්ස් එන්නම් කිව්ව අපිව පික් කරන්න මොකො කරන්නෙ

අශෙල් අයිය කිව්ව. එකක යන්න බෑනෙ හතරක් ඉන්නවනෙ. මං බස් එකේ යනව.

අයියෙ මං යන්නං බස් එකට පරක්කු වෙනව.

මං කියල පාර පනින්න යද්දිම මගෙ බෑග් එක පිටින් මාව පස්සට ඇදිල ගියා

කොහෙ යන්නද උන් දෙන්න ගියපුවාවෙ මං තමුසෙව පික් කරන්නං.අනික මේ ඊළඟ දවසෙ ඉඳන් බස් වල යන්න ලෑස්ති වෙන්නෙපා අපි එක්ක යන්න පුලුවන් දෙන්නටම.

ඇත්ත තමා කතාව ස්කූල් ටයිම් වෙද්දි බස්වල පට්ට සෙනගක් ඉන්නෙ. අඩු තරමෙ ෆුට්බෝඩ් එකේ ගියත් මරණ බියකිං යන්න ඕන. මමයි අශියයි තනියම ඉන්න වෙලාවට නං අපි සෙනග අඩු එකක් බලල යන්නෙ. ඇරත් මේ අනිත් ස්කූල් වල කෙල්ලො ඉන්නව, මං කිව්වෙ වැඩියෙන්ම දෙපැත්තෙ තියන බාලිකා දෙක අනේ මංද උන් නං හිතං ඉන්නෙ බැලුවම අපි කැමති කියලද කොහෙද. අනෙ මංද මටනං පේන්න බෑ. මාර කෙල්ලො තමයි. ඒ අතින් දැන්නං ටිකට් එකක් ඇදුන වගේ. මං ඇස් කරක කරක බලද්දි දැක්කෙ බස් හෝල්ට් එකේ අපෙ රෙහානයාගෙ කලින් කෑල්ල වෙන කොල්ලෙක් එක්ක හිටං ඉන්නව. අපෝ මං බලලත් ආයෙ දැක්කෙ නෑ වගේ අහක බලාගත්තා මේවට තමා මට නගින්නෙ.

තේව් !Where stories live. Discover now