°°°පස්වෙනි පරිච්ඡේදය°°°

120 10 0
                                    

මේ අහගන්නවල මේ පාර ස්පෝර්ට් මීට් එක ලොකුවටම කරන්න ප්‍රින්සිපල් ලෑස්ති වෙලා ඉන්නෙ. ඉතින් මේ පාර හවුස් මේක් කරද්දිත් ඒවා පර්ෆෙක්ට් වෙන්න ඕනෙ. තේරුනාද?

අභිසෙස් අයිය මමයි අශියයි තව කොල්ලො හය දෙනෙකුයි ඉස්සරහ තියං පත දේශනාවක් දිගාරින ගමන් හිටියෙ, හැබැයි පොර මං දිහා ලාවටවත් නොබල ඉන්න පරිස්සං උනා.. යකෝ මෙච්චර එද්දි එකට ඉඳල ඇයි මූට දැ‍ං බැරි. අශිය දිහත් බැලුව, ඌත් කට බලියං අශෙල් අයියට පැණි හලනව. යකෝ මං ඔටුවද.. මං ආයෙ අභිසෙස් අයිය දිහා බැලුව. අනේ යකෝ මං දිහා බැලුවොත් මුගෙ ඇස්වල පොට යනවද මං අහන්නෙ?? මාර මිනිහෙක් තමයි...

හරි දැං යනවලා

අශෙල් අයියගෙ කටහඬෙන් මං සිහියට ආවා. එහෙම්ම අශියත් ඇදගෙන මං එන්න ආවා. ඒත් අඩි දෙකක් යන්න හම්බුන්නෑ....


තමුන්ලා දෙන්න නවතිනවා

අභිසෙස් අයියගෙ කටහඬ ඇහුන. අයියෝ අයියගෙ ආච්චිට පොළොන්නරු යන්න, මං එහෙම්ම බැලුවෙ අභිසෙස් අයිය දිහා. අශියත් මං ද අහන්න වගේ අත ඌටම දික් කරගත්තා

ඔව් ඔව් ඔය මමයි අනිත් මමයි

අනේ ලැජ්ජාවෙං කුණු බාල්දියයි. මූට මං කියල තියෙනව කවුරු හරි කතා කරපුවම පාඩුවෙ ඉඳපං කියල මමද අහන්නැතුව. සැක් බලහන් නෝන්ඩිය. මමයි අශියයි ආයෙම අභිසෙස් අයියලා ගාවට යන්න හැරුනා. අශෙල් අයිය පැනි හිනාවක් දාං අශිය දිහා බලන් ඉන්නව!

නෑ එක්කො පලයන්!

අභිසෙස් අයිය කියද්දි මට මලපැන්න. මොන මගුලක්ද මුං අපිව තියාගෙන මඩෝනව. පක්කු දෙන්නා. දවසක් එයි මාත් හොඳ ගේමක් අඹරන්නංකො. හිතන් ඇති හෙඩා කියල ලොකුයි කියල. කරන්නං උඹට මං.

කකුල් ගස ගස මං අශියවත් ඇදං යන්න ගියා. අදත් කීවෙනි පාරටද මංද නෝන්ඩි වෙලා ගිය එකට මට දැනුනෙ පට්ටම තරහක්.

මං ඕකව මරනව

අශියා ක්ලාස් එකට ආව ගමං උඩ පැනපැන කෑගහන්න ගත්තෙ මූනත් රතු කරං.


තේව් !Where stories live. Discover now