°°°දෙවනි පරිච්ඡේදය°°°

145 12 0
                                    

°°°

මමයි අශියයි හිටියේ කැන්ටින් එකට වෙලා හොඳට දවල් ආහාරය බුදින ගමන්...

අඩෝ උඹලයි තාත්තා දුන්න ගණන් ටික උඹ හදාගත්තද බං?

මං ඇහුවෙ කැන්ටින් එකෙන් එකක් ගත්තොත් එකක් නොමිලේ හම්බෙන සබ් එක ගිල ගිල හිටපු අශියගෙන්.

හේහේ මට තාත්ත ටොකු ඇන ඇන කියල දුන්න බං

දත් ටිකත් විලිස්සගෙන අශිය මං දිහා බැලුව. ඒ ගමන්ම පොර කතා කරන්න ගත්තෙ කෑම එකවත් ගිලින්නැතුව. අශියගෙ කටේ තිබ්බ සලාද කොළ කෑල්ලක් කෙලින්ම ගුවන් ගමනින් පියාසර කරල මගෙ අතෞඩ විසිවෙද්දි මං ඉක්මනට අත ගැසුව...

ඊව් බලපන් කෑමත් විසි වෙනව පගයො.

සොරි ඕයි

ආයෙමත් දත් ටික පුප්පපු අශියා කතා කරන්න ගත්තා

ඊටපස්සෙ තාත්තටම එපා වෙලා

"උඹ වගේ හරකෙක්ට ඉකෝන් කියල දෙනවට වඩා හොඳයි කූඩැල්ලට මෙට්ටෙ යන්න පුරුදු කරනව කියල"

අශියා ඒක උන්ගෙ තාත්ත වගේම ඇක්ට් කරල පෙන්නද්දි මං බඩ අල්ලන් හිනා උනා

ඉතින් ඊටපස්සෙ

අශියගෙ පිටට තඩිබාන ගමන් මං ඇහුවෙ හිනාව ගානට සේප් කරගත්තයින් පස්සෙ

ඊටපස්සෙ ම‍ං ඇහැව්ව තාත්තගෙන් ඇයි ඌට මෙට්ටෙ යන්න බැයිද කියල. ඊටපස්සෙ ආයෙ ඔලුව හිල් වෙන්නම එකක් ඇනල පපුවත් අල්ලන් යන්න ගියා

හයියෝ... මුන්ගෙ ගෙදර ඔහොම්මයි,, මං හිනා වෙන ගමන් අශියට තව පාරක් දුන්නෙ ඌ කකා ඉඳපු සබ් එකේ තක්කාලි කෑල්ල උගෙ නහයෙ හිටිද්දි...ඒක දැකල මට තවත් හිනා ගියෙ අශියා ජපං ඌරෙක් වගේ මට රවන් ඉද්දි.

හත්තික්කේ සමාවෙයන් මගෙ වල් බලු තඩියෝ...

මං තවත් ඌ දිහා බල බල හයියෙන් හිනා වෙන්න ගත්තෙ මුළු කැන්ටින් එකේම අවදානෙ උටයි මටයි එද්දි

තේව් !Where stories live. Discover now