°°°විසිනවවෙනි පරිච්ඡේදය°°°

134 13 4
                                    

මං දන්නව... මේ වෙලේ කරන්න ඕනා මෙහෙම ගෑනියෙක් වගේ අඬන එක නෙමෙයි... හැමදේටම හිත හයිය කරන් මම ආවේ... මට මතක් උනේ අයියා කියපු දේවල් වෙද්දි මං තවත් ශවර් එක අස්සට ගුලි උනා...

....මං ගැන නොහිතා මගෙ අහීට ජීවිතේ ඉස්සරහට අරන් යන්න වෙනවා... ඒ හින්දා දැන් ඉඳන්ම වෙන්න පුළුවන් නරකම දේටත් හිත හදාගන්-...

ඒ අස්සෙන් අපේ ලස්සන මතක මගෙ ඇස් ඉස්සරහ මැවි මැවී පේන්න ගද්දි මං අතින් කන් දෙක වහන් කෑගැහුවා.. ඇස් දෙක දැවිල්ල අල්ලනකල්ම අඬපු මම ෆෝන් එක රිං වෙන සද්දෙට ඇඳුම් ගලෝලා දාලා ටවල් එක පටලන් කාමරේටගියා..

...අයියා...

හ්-හෙලෝ... කියන්න අයියෙ..

මල්ලි තාත්තා ඇක්සිඩන්ට් උනා...

මමට කතා කරගන්න වචන නැති වෙද්දි අයියා එහෙන් දිග හුස්මක් පාත දැම්මා...

මෙහෙ එනවනම් මම ටිකට්ස්-

නෑ අයියෙ.. මම ආයිත් ලංකාවට එන්නෙ නෑ... එයා කරපු දේවල්වලට එයාට ලැබිය යුතුදේ ලැබුනා..

මල්ලි අභිසෙස් ගැ-

නෑ අයියෙ.. එයා ගැන මුකුත් කතා කරන්නෙපා.. මං හිත හදාගත්ත... අන්තිමේ මෙච්චරයි කියල මම හිත හදාගත්තා අයියෙ.. අවුරුදු හතරක් අපි ආදරේ කරන්න අරන් මං මෙහෙන් යද්දි.. එයා එදා ආවෙ නෑ.. මං කමක්නෑ කියල හිත හදාගත්තා.. අඩු තරමෙ කතා කරයි කියල... සතියක් ගියා... ඒත් නෑ... නම්බර් එකක්වත් වැඩ නෑ... මං මොකද කරන්නෙ අයියෙ.. ගහෙන් ගෙඩි එන්නා වාගේ එකපාරට කිව්වා නෑ කිව්වා නෙමේ නිව්ස් වල දැක්කා... අයියා ඉලෙක්ශන් එකට දානවයි කියලා.. ඒකත් මට දැනගත්තෙ පිටින්.. ඒකට කමක්නෑ අයියෙ.. කතා කරන්න තිබුනා මට.. මං ගත්තම නම්බර් එක පවා වෙනස් කරලා.. මං- මං මොකද කරන්නෙ අයියෙ?

මගෙ  කටහඬ බිඳුනා... මනුස්සයෙක් හෙම්බත් වෙලා හෙම්බත් වෙලා ඒ දේ අතාරින තැනට එන තරමට එයා හැසිරුනා.. කමක්නෑ.. එයා මාව අමතක කරල සතුටෙන් ජීවත් වෙයි.. අයිය මොන මොනව හරි කිව්වත් මං කෝල් එක කට් කරල දැම්මා...

තාත්තා නැති වෙලාලු.. මොන දේ කලත් ඒ මගෙ තාත්තා... නිවන් සැප ලැබෙන්න කියන්න තරම් ඔයා හොඳ මනුස්සයෙක් නෙමේ තාත්තෙ.. අඩු තරමෙ මනුස්ස ආත්මයක්වත් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්නම්...



තේව් !Where stories live. Discover now