Jungsoon is the criminal

1.2K 258 8
                                    


ජෙනී සමඟ විවාහ වුවත් ටේහ්‍යුන්ග් කිසිදිනෙක ජෙනීගේ කුටිය වෙත ගියේ නැහැ. ටේහ්‍යුන්ග් හට තවදුරටත් ඇය ගැන කිසිදු හැඟීමක් දැනුනෙත් නැහැ. ඔහු හට ජන්ග්සූන්ව නිතරම මතක් වුනත් ජන්ග්සූන් පුරුෂයෙක් බව දැනගත් දිනෙන් පසු ඒ සිතිවිල්ල ඔහුගේ හිතේ ජන්ග්සූන් වෙනුවෙන් තිබ්බ කැමැත්ත වහගත්තා. එමනිසා තවදුරටත් ජන්ග්සූන් සමීපයේ රැඳෙන්න ඔහුට හිත දුන්නෙ නැහැ. වැදගත්ම දේ ජන්ග්සූන් පුරුෂයෙක් කියලා දැන දැනත් ටේහ්‍යුන්ග් හට තවමත් ජන්ග්සූන් ගැන දැනෙන ඒ හැඟීම... ඔහුට ඒ හැඟීම් නැති කරලා දාන්න අවශ්‍යය වූවත් එය කිරීමට ඔහු අසමත් වුණා. ඒ නිසාවෙන් ටේහ්‍යුන්ග් හට තිබුණු එකම විකල්පය වූයේ ජන්ග්සූන්ව මගහැරීම.

මේ අතරේ ජන්ග්කුක් පසු උනේ බොහෝ හිත් වේදනාවෙන්. ටේහ්‍යුන්ග් නැති පාලුව මකාගන්න ජන්ග්කුක් එයාගෙ පුහුණුවීම් කටයුතු වල වෙනදාටත් වඩා නිරත වෙන්න ගත්තා. ඒ වගේම ට්සූයු හෝසොක් සහ ජිමින් සමඟ හෝ අධිරජ යුන්ගි සමඟ කාලය ගත කරන්නට ඇය පෙළඹුනා. බොහෝ දිනවල රාත්‍රියේදී කඳුලු සැලුවත් පසුදා උදෑසන කිසිවක් සිදුනොවුන ලෙසින් සිනාසීමට ඔහු පුරුදු වුණා.

නමුත් ජෙනී නම් මේ පිළිබඳව මහත් සතුටින් පසු වුනේ. ටේහ්‍යුන්ග් ඇය සමීපයට නොපැමිණියත් ජන්ග්සූන් සහ ටේහ්‍යුන්ග් අතර ඇතිවෙමින් තිබූ දුරස් බව ඇයට සතුටක් ගෙන ආවා.

"දියණියනි දැන් සියල්ල සූදානම්. අපට තිබෙන්නෙ අවසන් මන්ත්‍ර ජප කිරීම සහ එම බෙහෙත් ගුලිය කෙසේ හෝ අධිරජ යුන්ගිගේ අහාරයකට මුසු කිරීම පමණයි." ජෙනීගේ පියාණන් කුරිරු ලෙස සිනාසෙන කල ජෙනීත් ඔහුට එක්වුණා.

"කෙසේද අප එක ගලෙන් පක්ෂීන් දෙදෙනෙකුට විද්දොත් පියාණනි?" ජෙනී කට කොනකින් සිනාසෙන ගමන් තම පියාණන් දෙස බැලුවා. ජෙනීගේ පියාණන් ඇය දෙස බැලුවෙ ඇයගෙ උපාය දැනගැනීමෙ අදහසින්.

"අප කෙසේ හෝ යුන්ගි අධිරජුගෙ වස මිශ්‍ර ආහාර ජන්ග්සූන් අතේ යවන්නට උත්සාහ කරමු. මා දන්නා පරිදි සාමාන්‍යයෙන් ඇය සවස් යාමයේදි යුන්ගි අධිරජු සමඟ තේ පැන් සංග්‍රහයකට එක්වෙනවා. ඉදින් අප එය ජන්ග්සූන් අතේ යැවීමට කටයුතු කලහොත් සැකය කෙලින්ම ඇය වෙතට යොමුවෙනවා." ජෙනීගෙ මුහුණ නපුරු සිනහවකින් සැරසී තිබුණා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now