wedding night (part2) 🌙🔥

1.4K 282 2
                                    


ජන්ග්කුක් කුමරුන් ස්නානය කලපසු ට්සූයු විසින් ඔහුව සරසා සිටියේ ඔහුගේ මංගල රාත්‍රිය වෙනුවෙන්. සුදෝසුදු වස්ත්‍ර වලින් සැරසී සිටි කුමරුන්ව දෙව්දුවක් මෙන් දිස්වූවා.

"හ්ම්ම්... හෝසොක් කොහිදැයි නොදනී.. අධිරජතුමා ඔබගේ රහස දැනගත් පසු අප සියල්ලන්ටම මරණ දඬුවම ලබාදේවිදැයි මා හට බියයි." ට්සූයු පැවසුවේ බියපත් ස්වරයකින්.

"කෙසේද ඔහු මගේ රහස දැනගන්නේ?"

"ආයිශ්.. ජන්ග්සූන්... ඔබට මෑණියන් මංගල රාත්‍රිය පිළිබඳව කිසිවක් පැවසුවේ නැතිද?"

"මෑණියන් පැවසුවා.. ටේහ්‍යුන්ග් අධිරජු හට සහය වන ලෙස."

"එපමණයි?" ට්සූයු විමසුවේ විමතියෙන්.
කිසිවක් නොදත් අහිංසක කුමරුන්ව මෙසේ අනතුරකට දැමීම පිළිබඳව ඒ මොහොතේදී නම් ට්සූයු හට කෝපයක් දැනුනා.

"මෙය හොඳින් අසාගන්න. කුමරුන් ආ පසු.." කෙසේ නමුත් ඒ මොහෙතේදි ට්සූයුගෙ කතාවට බාධා කරමින් කුටියෙන් පිටත සිටි අධිරජුගේ ප්‍රධාන පාලක සිය හඬ අවදිකලා.

"අධිරජතුමා සැපත් උනු වගයි." ට්සූයු ජන්ග්කුක් කුමරුන් දෙස අවසන් වරටත් දුක්මුසුව බලා අධිරජුට පිවිසීමට කුටියේ දොර හැර දැමුවා. ඉන්පසුව ට්සූයු දොර වසාගෙන සිය කුටිය වෙත පියමන් කලේ හදවත බියෙන් ගැහෙද්දි. ඇය කුමරුන්ට කිසිදු අනතුරක් නොවේවායි මුලු හදින්ම ප්‍රාර්ථනා කලා.

අධිරජුගේ පිරිවර කුටියෙන් පිටත් රැඳෙද්දී ටේහ්‍යුන්ග් සෙමෙන් සෙමෙන් කුටිය තුළට පිවිසියා.

ඔහු සෙමෙන් අධිරැජිනියගේ යහන් ගබඩාවට පිවිසෙද්දී ඇය යහන මත හිඳගෙන සිටියේ සිය දෙනෙත් බිමට හරවාගෙන.

එක්වරම ඇය දෙනෙත් ඔසවා ඔහු දෙස බැලූ විට ඔහු හුන්තැනම මොහොතකට ගල් ගැසුනේ හදවත වේගයෙන් ගැහෙද්දි. ඇගේ තරු දෑස්, දිලිසෙන රත් පැහැ දෙතොල්, රෝස කොපුල්, හිම මෙන් සුදු මුවඟ සමඟ ඇය හැඳ සිටි ශ්වේත වර්ණ වස්ත්‍ර නිසා ඇයව පෙනුනේ පුංචි සුරදූතියක් වගේ.

ටේහ්‍යුන්ග් සෙමින් ගොස් ඇය සමීපයේ අසුන්ගත්තා.

"කෙසේද ඔබට?" ටේහ්‍යුන්ග් එසේ ඇසුවේ ඇයව දැන හඳුනා ගැනීමේ අදහසින්. විවාහ වූවත් ඔවුන් දෙදෙනා හට මුලින්ම කතාකරන්න ලැබුණේ ඒ අවස්ථාවේදී නිසා ඔහුට අවශ්‍යය වුණේ පළමුව ඔවුනතර වූ ආගන්තුක නුහුරු බව මඟහැරීමට.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now