Mom,dad I miss you😘

1.2K 270 2
                                    


"ඔබට අවදිවන්න නොහැකියි නම් මා ඔබව සූදානම් කර සිටින්නම්. අපි මුලින්ම ස්නානය කර සිටිමු." ටේහ්‍යුන්ග් එසේ පවසා ජන්ග්සූන්ගෙ පිටත කබාය ඉවත් කිරීමට සූදානම් උනා.

-----------------------------------------------------------

කෙසේවෙතත් කුටිය පිටතින් ඇසුණු ට්සූයුගෙ කටහඬ ඔහුව නවතාලුවා.

"ට්සූයු ඔබට කුටියට පිවිසීමට හැකියි." ටේහ්‍යුන්ගෙ අවසරයෙන් පසු ට්සූයු කුටියට ඇතුල්වුනා.

"අවසර අධිරජුනි." ඇය ඔහු හට ආචාර කලවිට ටේහ්‍යුන්ග් සිනාසී හිස සැලුවා.

"දිනපතා ඔබ කෙතරම් බැරෑරුම් කාර්යයක් ඉටු කරනවද කියලා අද මට වැටහුණා." ටේහ්‍යුන්ග් පවසන විට ට්සූයු ඇගේ දෑස් විසල් කර ඔහු දෙස බැලුවෙ ඇයට කිසිවක් නොවැටහුන නිසා. මින් පෙර සෑමදිනකම ටේහ්‍යුන්ග් උදෑසනින්ම රාජසභාවට පිටත් වූයේ නිදාසිටින ජන්ග්සූන්ව අවදි නොකර.

"මා අධිරැජිනියව අවදිකරවන්න කෙතරම් උත්සාහ දැරුවත් ඇය නොවේ දෑස් හැරියෙ. ඉදින් මා සූදානම් වූයේ ඇයව ස්නානය කරවන්න. අප ඉක්මන් නොකලොත් ප්‍රමාදවිය හැකියි." ටේහ්‍යුන්ග් මද සිනාවක් සමඟ එසේ පවසද්දි ට්සූයු මොහොතකට ගල්ගැහුනා.

"මා හට එය කල හැකියි අධිරජුනි. මා ඉක්මනින්ම අධිරැජිනිය සමඟ පැමිණ සිටින්නම්. එසේම අධිරජුනි, ජිමින් උතුමාණන් ඔබවහන්සේව සොයා සිටියා." ට්සූයු ඉක්මනින්ම පැවසුවේ ටේහ්‍යුන්ග්ව ජන්ග්සූන්ගෙ කුටියෙන් පිටතට යැවීමට.

"එසේද? එසේනම් ඔබ අධිරැජිනිය සමඟ පැමිණෙන්න. මා ගමනට සූදානම් වෙන්නම්." අනතුරුව ටේහ්‍යුන්ග් කුටියෙන් පිටවෙද්දි ට්සූයු උඩට අල්ලන් හිටිය හුස්ම හිමීට පහලට දැම්මා.

"ජන්ග්සූන් අවදිවන්න. අනූනමයෙන් ඔබ අද බේරුනෙ. ඔබ තවමත් ඒ වගක් නොදැන සුවෙන සැතපිලා.." ට්සූයු මේ කිසිත් නොදැන තවමත් සුවෙන් සැතපී සිටින ජන්ග්සූන්ව අවදිකරන්න උත්සාහ දැරුවා. සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන ඈ කුටියේ තිබුණ වතුර ජෝගුවෙන් ස්වල්පයක් ගෙන ජන්ග්සූන්ගෙ මුහුණට ඉස්සා. එවර නම් නිදාසිටි කුමරිය ක්ෂණයකින් නැගීසිටියා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now