Love 💘

1.6K 271 16
                                    


ටේහ්‍යුන්ග් ජන්ග්කුක් සමඟින් පිටත් වූවයින් පසු ජිමින්, හෝසොක් සහ සේනාධිපති නම්ජුන් සෙබලුන් සහ සේවකයන් ලවා දැවී ගිය මාලිගය සහ ඒ අවට බිම වැතිර තිබූ මියගිය සෙබලුන්ගේ දේහයන් ඉවත් කර සටන් භූමිය පිරිසිදු කලා. මේ අතරේ සියලුදෙනාගෙම දෑස් වලින් වසන් වී අඩක් පිලිස්සී ගිය මුහුණ කලු කබායකින් වසාගෙන එක් අයෙක් රහසේම මාලිගයෙන් පැනගන්න සමත් වුණා.

සාමාන්‍ය ජනතාවත් සෙමින් විසිර යන්නට උනේ මකර රාජයා පිළිබඳව සහ ජන්ග්කුක් ඔහුව පාලනය කරසිටි ආකාරය පිළිබඳව කතාවෙමින්. මොහොතකට පෙර සිදුවූ සිදුවීමෙන් පසු ඔවුන්ගෙන් බොහෝදෙනා සිතුවේ ජන්ග්කුක් සහ ටේහ්‍යුන්ග් හොඳින්ම ගැලපෙන බව. ජෙනීගෙ සෙබලුන් ජනතාව කුපිත කරවීමට පෙළඹුවත්, මේ සිදුවීමෙන් පසු ඔවුන් ජෙනීව පිලිකුල් කලා වගේම ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක්ගෙ සම්බන්ධයට පෙරටත් වඩා කැමති වුණා. මරණය පෙනී පෙනී සිටි ඔවුන්ව බේරගත්තෙ ජන්ග්කුක් නැතිනම් අධිරැජිනිය නිසාවෙන් තවදුරටත් ඔවුන් ඔහුට විරුද්ධව කිසිවක් කීමට පෙලඹුනේ නැහැ. එසේම ටේහ්‍යුන්ග්ගේ නියෝගය අනුව ඔවුන්ට ඒ පිළිබඳව කතා කිරීමටත් කිසිදු අයිතියක් හිමිවුනේත් නැහැ.

************************************

පසුදා උදෑසනින්ම ටේහ්‍යුන්ග් අවදි වුණා. ඔහුගේ දෑස් ඔහුට තුරුල් වී සැතපී සිටින ජන්ග්කුක් දෙසට යොමුවෙනවත් සමඟම ටේහ්‍යුන්ග්ගෙ මුවට සිහින් සිනාවක් නැගුනා. ඔහු සෙමින් ජන්ග්කුක්ගෙ මුහුණ අතොරක් නැතුව සිපගන්න ගත්තේ මහත් සෙනෙහසකින්.

"ඔහු හරිම හුරතල්." ටේහ්‍යුන්ග්ට වන්ටේගෙ කටහඬ ඇහුනා.

"ඔබ ඊයේ ඔහුව රිදවා සිටියෙ නෑ නේද?" ටේහ්‍යුන්ග් අමනාපෙන් මෙන් ඇසුවත් ඔහු හොඳින්ම දැනන් හිටියා ඔහු ජන්ග්කුක්ට එසේ නොකල බව.

"ආහ්... මා කුමකටද එසේ කරන්නේ? අනෙක ටේහ්‍යුන්ග් ඔහු ඔබ හිතනවට වඩා බොහෝ ශක්තිමත්. අපගේ සහකරු විදිහට ඔහු ශක්තිමත් වගේම පසුවූ රාත්‍රියෙන් පසු ඔහු තුල තිබුණු සුවපත් කිරීමේ ශක්තිය තවත් දියුණු වුණා. ඔහුට දැන් එය පහසුවෙන් සිදුකළ හැකිවේවි. එසේම ඔහුටත් දැන් ඔබට වගේම ඉක්මනින්ම සුවපත් වීමේ ශක්තිය ලැබී තියෙන්නෙ. අනෙක ඔහුගෙ ගෙල දෙස බලන්න." වන්ටේ පවසද්දි ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ගෙල දෙස බැලුවා. ඔහුගේ සවනත පාමුල ශ්වේත වර්ණ වූ ගෙලෙහි කළු සහ රත් පැහැයෙන් දිදුලන මකර රුවක් හරි ලස්සනට සිත්තම් වී තිබුණා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now