Vante takes the control

1.3K 269 8
                                    


"පුතණුවනි.. ඔබ..??"  සෙබලා අධිරජුගේ පණිවිඩයත් සමඟ පිටවී ගිය පසු යුන්ගි අධිරජු ටේහ්‍යුන්ග් දෙසට හැරුණේ, ටේහ්‍යුන්ග් ජන්ග්සූන් පිළිබඳව සත්‍යය දන්නේද යන්න ස්ථිරවම දැනගැනීමට. ටේහ්‍යුන්ග්ගෙ කතාවෙන් ඔහු ජන්ග්සූන් පිළිබඳව සත්‍යය දැන සිටින බව ඔහුට වැටහුණා.

"මා එය ටික කලක පටන් දැන සිටියා පියාණනි." ටේහ්‍යුන්ග් සුසුමක් හෙලා එය සනාථ කර සිටියා. " නමුත් ඔබ කෙසේද එය දන්නේ?"

"ඔහු ඒ පිළිබඳව මා හට පැවසුවා මීට දින කිහිපයකට පෙර." යුන්ගි අධිරජු සන්සුන් ලෙස පිළිතුරු දුන්නා.

"ඉදින් ඔබ.. ඔබ ඒ පිළිබඳව කිසිවක් සිදු නොකලේ?"

"මා කුමක් කරන්නද ටේහ්‍යුන්ග්? ජන්ග්සූන්...නැහැ ජන්ග්කුක්ට කාන්තාවක් විදිහට වෙස් වලාගෙන ජීවත් වෙන්නට සිදුවුණේ මගෙම වරදින්. ජන්ග්කුක්ගේ දෙමව්පියන් එදා එලෙස නොකලා නම් බොහෝවිට මා දැනටමත් ඔහුගෙ දිවි තොර කර අවසන්." යුන්ගි අධිරජුගෙ කටහඬ පසුතැවිල්ලෙන් පිරී තිබුණා.

"එය සැබෑවක්... ඒ හේතුව නිසයි මා නිහඬ වුණේ. නමුත්.. ජන්ග්කුක් මගේ බිරිඳ.. ඉදින් මා හට කිසිවක් සිතාගත නොහැකි වුණා මුලදි. ඒ නිසයි මා කාලයක් ඔහුගෙන් ඈත්වී සිටියේ. නමුත්.. මා දන්නෙ නැහැ එය කවදා කෙලෙස කොයි ලෙසකින් ඇති වුණාද කියලා. නමුත් දැන් මා හට ඔහු නොමැතිව සිටිය නොහැකියි. පුරුෂයෙක් උනත් කාන්තාවක් උනත් ඔහුව මට අවශ්‍යයි. මං.. මං හිතන්නේ මං ජන්ග්කුක්ට ආදරෙයි." අවසානයේදී ටේහ්‍යුන්ග් ඒ විදිහට එයාගෙ හිතේ ජන්ග්කුක් ගැන ඇති හැඟීම එයාගෙම වචන වලින් විස්තර කලා.

"ඔබ දෙදෙනා ආත්මීය සහකරුවන් ටේහ්‍යුන්ග්. ආදරයට කාන්තාවක්ද පුරුෂයෙක්ද යන්න අදාල නැහැ. එය තරමක් වෙනස් තමයි. නමුත් අප ඔහුගේ හෝ ඇයගේ ආත්මයටම පෙම් කරන විට අනෙකුත් සියලුම දේවල් හුදු ආටෝපයන් පමණයි. සොබාදහම විසින් ඔබ දෙදෙනාව කෙසේ හෝ ලං කලේ මේ සම්බන්ධයට සොබාදහමත් ආශිර්වාද කරන නිසා." ජිමින් ටේහ්‍යුන්ග්ව වැළඳ ගනිමින් පවසද්දී සියලුදෙනාම ඔහු සමඟ එකඟ වුනා.

"ඔබ සියලුදෙනාම ඒ පිළිබඳව දන්නවා එසේනම්?" ටේහ්‍යුන්ග් මඳ සිනාවකින් අසා සිටින විට සේනාධිපති නම්ජුන් ඇරෙන්න අනෙකුත් සියලුදෙනා හිස සැලුවා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now