Jimin's secret

1.2K 268 6
                                    

Jungsoon නම ගත්තෙ මේක නිසා;-)

--------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

--------------------------------

බොහෝදෙනෙක් ජන්ග්සූන් හට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඔවුන් සියල්ලන්ම ජෙනී සහ ඇගේ පියාණන්ගේ පක්ෂපාතීන්. අනෙත් සියලුදෙනා නිහඬව පසුවුණා. ඔවුන්ට ඔවුන්ගේ සුරතල් කාරුණික අධිරැජිනිය එවන් දෙයක් කල බව විශ්වාස කල නොහැකි වුවත් තිබෙන සාක්ශි අනුව ඇය දෙසට සැකය යොමුවෙලයි තිබුණෙ.

ඉදින් කරුණු විමසා බැලීමෙන් අනතුරුව නිරවද්‍ය භාවය ඔප්පු වනතුරු ඇයව සිරභාරයේ රඳවා තැබීමට ටේහ්‍යුන්ග් හට සිදුවුණා.

"නම්ජුන් ඔබ පෞද්ගලිකව මේ පිළිබඳව සොයාබලන්න. මා හට විශ්වාසයි ජන්ග්සූන් එවන් දෙයක් සිදු නොකරන බවට. ඒ නිසා සියල්ල සොයාබලන්න. ඇය නිවැරැදි බව කෙසේ හෝ ඔප්පු කල යුතුයි." ටේහ්‍යුන්ග් සේනාධිපති නම්ජූන් හට ඒ කටයුත්ත භාරදුන්නා.

"හොඳමයි අධිරජුනි."

සේනාධිපති නම්ජුන්  පිටවනවාත් සමඟම යමෙකු අනවසරයෙන්ම කඩා බිඳගෙන රාජසභාවට තුළට ඇතුළුවුණා.

"ජිමින්.. ඔබ කුමක්ද මෙහි කරන්නේ? ඔබට දැන් කෙසේද?" ටේහ්‍යුන්ග් පුදුමයෙන් ඇසුවෙ ජිමින් පෙරදා රාත්‍රියේ සිහි නැතිව ඇද වැටීමෙන් පසු ඔහු සිටියේ රාජකීය රෝහලේ නිසා.

"මා හට අද උදෑසන සිහිය පැමිණුනා. නමුත් වෙහෙස නිසා මා නැවතත් දිගු නින්දකට වැටුණා. අවදිවන විට යුන්ගි අධිරජතුමා අසාධ්‍යව රෝහලට රැගෙන ආවා. පසුව මා සිදුවුණ දෙය සේවිකාවකගෙන් අසා දැනගත්තා. ඒ විගසින්මයි මා ඔබ හමුවීමට පැමිණියේ." ජිමින් හතිදානගමන්ම අපහසුවෙන් නමුත් පවසා සිටියා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now