The wedding

1.2K 261 4
                                    

ගෝර්යෝ අධිරාජ්‍යය,

"සේනාධිපති නම්ජුන්, ඔබ රාජකීය ආඥාව යවා සිටියාද?"

"එසේයි අධිරජුනි.. මා යවාසිටියා. කුමරුන් හටත් මා ඔබවහන්සේ හමුවන ලෙස දන්වා සිටියා."

"හොඳයි එසේනම් ඔබ විවාහය වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කරන ලෙස ප්‍රධාන පාලකට දන්වා සිටින්න. විවාහය සඳහා කුමරිය කැඳවාගෙන ඒමට කුමරුන් සමඟ යාමට පිරිවර සූදානම් කර සිටින්න. කුමරිය වෙනුවෙන් මංගල සළු පිළි සහ ආභරණ සමඟ ත්‍යාග සූදානම් කරන ලෙස ප්‍රධාන පාලිකාවට දන්වා සිටින්න. අපේ රාජ්‍යයයේදි ඔවුන්ව පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් සූදානම් කලයුතුයි. එසේම විවාහයට සියලු කුඩා රාජ්‍යයන් හට ආරාධනා යවා සිටින ලෙසත් දන්වා සිටින්න." අධිරජු මේ විවාහය පිළිබඳව කොතරම් සතුටින් පසු වුනිදැයි කිවහොත්, ඔහුගේ අසනීප ගතිය පවා නැතිවී ගොස් මුහුණ ප්‍රීතියෙන් ඒකාලෝක වී තිබුණා.

"එසේයි අධිරජුනි" නම්ජුන් අධිරජුන්ට ආචාර කොට පිටව ගියපසු ඔටුන්න හිමි කුමරුන් පැමිණ සිටියා.

"පියාණෙනි." කිම් ටේහ්‍යුන්ග් සිය පියාණන්ට ආචාර කලා.

"පුතණුවනි, ඔබ විවාහයට සූදානම්ද? තව සත් දිනකින් ඔබගේ විවාහය සිදුවනු ඇති..එසේම ඔබේ ඔටුනු පැළඳීමේ මංගල්‍යයත්. එතැන් පටන් ස්වාමි පුරුෂයෙකුගේ සහ අධිරජ කෙනෙකුගේ වගකීම ඔබේ හිස මත පැනවේවි. එය පහසු දෙයක් නොවේ. ඔබ හට බොහෝ අභියෝග වලට මුහුණ දෙන්නට වෙනු ඇති. එසේම බොහෝ කපටි මිනිසුන් මුණගැසේවි. නිර්ව්‍යාජ මිනිසුන් හඳුනාගැනීමට උත්සාහ දරන්න. එසේම සැමියෙකු ලෙස ඔබේ ඔබේ බිරිඳව හොඳින් රැකබලා ගත යුතුයි. අධිරැජිනිය හැර ඔබහට වෙනත් බිසෝවරු අවශ්‍යය නම් ඔවුන් වෙනුවෙන් අන්තඃපුරයක් පවත්වාගත හැකියි. නමුත් බලලෝභී බිසෝවරු පිළිබඳව විමසිලිමත් වන්න. එසේම ඔබෙන් පසු ඔටුන්නට හිමිකරුවෙක් ඉක්මනින්ම අවශ්‍යයි. මා හට තව කොතෙක් කල් ඉතිරිවී ඇද්දැයි මා නොදනිමි. "

"එසේ නොපවසන්න පියාණෙනි. නිසැකවම ඔබ හට තව දිගුකලක් අප සමඟ සිටීමට හැකිවේවි. එසේම ඔබ පවසා සිටි සියලු දේ මා හට හොඳින් වැටහුණා. මා එය සිහි තබාගන්නම්."

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now