Soulmate

1.3K 302 9
                                    


"කුමරුනි.. ජිමින් උතුමාණන් ඔබවහන්සේ මුණගැසීමට පැමිණ සිටිනවා." කුමරුන්ගෙ ප්‍රධාන ආරක්ෂක මුන්ජේසින් දන්වා සිටියා.

එය ඇසූ ජෙනීගෙ මුහුණ නොසතුටින් හැකිලී ගියා.
"මේ ජිමින් නම් ඇත්තටම හිසරදයක්. කුමරුන් සමඟ කාලය ගතකිරීමට අවස්තාවක් ලැබුනේ බොහෝ කලකට පසුවයි. එයද මොහු විනාශ කර දැමුවා." ජෙනීගෙ සිතුවිලි එසේ වෙද්දි කුමරුන් නැගී සිටියා.

"මා පිටවිය යුතුයි දැන්. පසුව ඔබව හමුවෙන්නම්." කුමරුන් එසේ පවසා කුමරියට සමුදුන්නේ ඇය පිළිතුරක් ලබාදීමටත් මත්තෙන්ය.

"ආයිශ්... මේ ජිමින් නම් මහ කරදරයක්. ඔහු අධිරජුගේ හොඳම මිතුරාගෙ පුතණුවන් නිසාවෙන් මා පියාණන් ලවා හෝ ඔහුට කිසිවක් කල නොහැකියි." ජෙනී කෝපයෙන් අත තිබූ කෝප්පය පොලොවෙ ගැසුවා.

ඇගේ දෑස් දෙස එක එල්ලේ බලන්නටවත් නොහැකි තරම් ඒ දෙනෙත් කෝපයෙන් අඳුරු වී තිබුණා.

************************************

"ජිමින්.. කෙසේද ඔබට? "

"මා හොඳින් කුමරුනි. සමාවෙන්න ඔබේ පෙම් පිළිසඳරට මා හට බාධා කරන්න සිදුවීම පිළිබඳව." ජිමින් පැවසුවේ දෑස් හකුලවමිනි.

"ඔබ දන්නවානෙ ඇය සමඟ පිළිසඳරේ සිටීමට මා හට විශේෂ ආශාවක් නොමැති වග." කුමරුන් පැවසුවේ නොසැලකිලිමත් ලෙසය.

"එසේනම් ඇයි ඔබ තවත් ඇය සමඟ සිටින්නේ? ඔබට හැකියි වෙන අයෙකුට ප්‍රේම කරන්න. මේ රාජ්‍යයයේ සිටින ඕනෑම කුමරියක් ඕනෑම යුවතියක් ඔබට වශී වෙනවා නොඅනුමානයි."

"ජිමින්.. ජෙනීට මෙන්ම වෙන කිසිවෙකු කෙරෙහිත් මා හට හැඟීමක් ඇතිවෙන්නේ නැහැ. ඔබ එය හොඳාකාරවම දන්නවා. අනික ජෙනීව අතහරින්න බැරි හේතුවත් ඔබ හොඳින්ම දන්නවා." කුමරුන් පැවසුවේ තම ගෙලේ රැඳි නිල් මාණික්‍යයකින් හැඩවුණු ගෙල පළඳනාව දෙස නෙත් යොවමින්.

"කෙසේ නම් අමතක කරන්නද එය." ජීමින් පැවසුවේ දෙවසරකට පෙර සිදුවූ සිදුවීම සිහියට නගමින්.

Flash back

දෙවසරකට පෙර,

ජිමින් හා ටේහ්‍යුන්ග් මාලිගයට තරමක් එපිටින් පිහිටි අඳුරු උද්‍යානයක කඩු හරඹ පුරුදුවෙමින් සිටියා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now