I can be your father.

1.3K 276 5
                                    

පසුදා උදෑසනින්ම අවදි වුණු ටේහ්‍යුන්ග් දුටුවෙ හරිම හුරතල් විදිහට ඔහුගේ පපුතුරට තුරුල් වෙලා සුව නින්දේ පසුවෙන ජන්ග්සූන්ව. ටේහ්‍යුන්ගේ මුහුණ හරි ආදරණීය සිනහවකින් එළිය වුණා. ඔහු සෙමෙන් කුමරියගේ කොපුලක සිපුමක් තවරා සයනයෙන් බැස ගත්තේ කලයුතු රාජකාරි බොහොමයක් තිබූ නිසා.

ටේහ්‍යුන්ග් සූදානම් වනතුරුත් කුමරිය අවදිවූයේ නම් නැහැ. කුමරිය තද නින්දේ ඇති බව ඔහුට වැටහුණා. ඉදින් කුමරිය දෙස මොහොතක් බලා හිඳ ඔහු කුටියෙන් නික්මුණා. ටේහ්‍යුන්ග් පිටතට නික්මෙන මොහොතේම කුමරිය සොයා පැමිණි ට්සූයු ඔහුව දුටුවා. ඇය අධිරජු හට ආචාර කර සිටියා. අධිරජුගේ සිනාමුසු මුහුණ දුටු ඇගේ සිතේ බිය අඩකින්ම දුරුවී ගියත් කුමරිය දකින තුරු ඇගේ සිතට නිදහසක් දැනුනේ නැහැ. කෙසේවෙතත් කුමරියගේ කුටියට ඇතුලු වූ පසු සයනයේ ගුලිවී හොඳින් නිදන කුමරියව දුටුසැනින් ඇගේ සිතේ තිබූ බිය සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ගියා.

(A/N; කතාවෙ කුමරිය කියන්නෙත් ජන්ග්කුක්ටමයි.. මට ඒක පාවිච්චි කරන්න වෙනවා ජන්ග්සූන් කියන්නෙ පිරිමි ලමයෙක් කියලා කට්ටිය දැනගන්නකම්.)

"ජන්ග්සූන්.. ජන්ග්සූන්.. අවදිවෙන්න. අපේ මාලිගයේදි මෙන් මෙහිදී  ඔය ලෙසින් සැතපී සිටිය නොහැකියි." ට්සූයු ජන්ග්කුක්ව මඳක් සෙලවූවත් ඔහු යන්තම් කෙඳිරි ගාලා නැවතත් අනෙක් පස හැරී නිදන්න පටන් ගත්තා.

"ඔබට උදෑසන කිරි පානය නොමැති වේවි එසේනම්. ගොර්යෝ අධිරාජ්‍යයේලු රසවත්ම ක්ෂීරය තිබෙන්නෙ. මා යනවා එසේනම්.. ඔබ නිදන්න." ට්සූයු එලෙසින් පවසා සිටියේ ජන්ග්කුක්ව අවදිකරවීමට වෙන කලයුතු යමක් නොතිබුණු නිසා. ඔහු ක්ෂීරයට බොහෝ ප්‍රියයි. ගෝර්‍යෝ රාජ්‍යය සමයේ ක්ෂීරය ආහාරයක් ලෙස භාවිතා කලේ රාජකීය සහ බලවත් පවුල් වල සාමාජිකයන් පමණයි. එනිසාවෙන් ක්ෂීරය යනු ඉතා දුර්ලභ මෙන්ම රසවත් පානයක් වුණා. ට්සූයු එසේ පවසා පිටත් වන්නට හැරෙද්දිම ජන්ග්කුක් හීයක වේගෙන් කෙලින් වුණා.

"මදක් සිටින්න.. මා පැමිණෙනවා.." ජන්ග්කුක් දෙනෙත් පොඩි කරමින් නිදිමත ස්වරයකින් පවසා සිටිද්දී ට්සූයු හට ඔහු පිළිබඳව දුකත් සිතුනා. ඔහු ජොල්බොන් මාලිගයේදි බෙහෙවින් නිදහස් දිවියකුයි ගතකරේ. අවැසි වූ විටෙක අවදිවන්න.. අවැසි විටෙක ආහාර ගන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ. නමුත් මෙහිදී ජන්ග්සූන් හට අධිරැජිනිය ලෙස වගකීම් රාශියක් පැවරුණා. එසේම ඔහු හට අධිරැජිනිය ලෙස කටයුතු කරන්න පුහුණු වෙන්නත් සිදුවුණා. ඒ පුහුණුවීම් ප්‍රධාන පාලිකාවගේ මෙහෙයවීමෙන් සිදුවන බව ට්සූයු හට දැනුම් දීලයි තිබුණෙ.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now