You are a boy

1.3K 287 3
                                    

"මට ඇති ගැටලුව.. ඇයි උන්වහන්සේ ආත්මීය සහකරු හෝ සහකාරිය කියා පැවසුවෙ?" කිම් ටේහ්‍යුන්ග් ජිමින් දෙස බැලුවා. ඔහු ජිමින් හට පූජනීය කන්දේ ස්වාමින් වහන්සේ පැවසූ දෙය පවසා තිබුණා.

"එය නම් සැබෑවක්. ඔබ කුමාරයෙක්. ඉදින් නිසැකවම ඇය සහකාරියක් විය යුතුයි."

"ම්ම්.. උන්වහන්සේ වැඩිය නොසිතා එසේ පවසන්නැති."

"එමෙන්ම ඔබට නොහැඟේද ජෙනී ඔබට මුසාවක් කල බව? උන්වහන්සේ පවසා සිටියේ ඔබ සමඟ වෙනත් කිසිවෙකුටත් ලිංගිකව සම්බන්ධ විය නොහැකි බව." ජිමින් අසා සිටියේ වසර දෙකක් පුරාවට ඔහුගේ හිතට වදදුන් කාරණයක්.

"නමුත් ජිමින් මා ඒ මොහොතේ පාලනයකින් තොරව සිටියේ.. අනෙක රාජකීය වෙදදුරු ඒ බව සහතික කර සිටියා" කිම් ටේහ්‍යුන්ග් එලෙස පැවසූ නමුත් එය ඔහුටද එය සිතාගත නොහැකි කාරණාවක් වූවා.

"කාලය සියලු දේ විසඳාවි. මා එසේනම් සමුගන්නම්."

ජිමින්ට සමුදුන් කුමරු සිය පියාණන් සොයා අධිරජුගේ කුටියට පිවිසියා.

"පිය රජතුමනි.. ඔබට කෙසේද දැන්?" කුමරු අසා සිටියේ කණගාටුවෙන්. වසරක පමණ සිට අධිරජු හදිසියේම රෝගාතුර වීමට පටන් ගත්තේ මුලු රාජ්‍යයම ශෝකයෙන් ගිල්වමින්.

"දැන් නම් මා සුවෙන් කුමරුනි. ශෝක නොවන්න.. ඔබේ පියාණන් ඔබේ දරුවෙකුගේ මුහුණ දකිනතුරු මියයන්නෙ නැහැ." අධිරජු සිනාසී පවසා සිටියා.

"පියාණෙනි... කෙසේ හෝ ඔබ සුවෙන් සිටිනවා දැකීමත් මා හට සැනසීමක්. ඔබ හට දැන් දුක්වෙන්න කිසිදු කාරණාවක් නැහැ. මා සේනාධිපති නම්ජුන් සමඟ එක්ව රාජ්‍යය කටයුතු හොදින් කරගෙන යනවා."

"එය අගෙයි. ඔබ දන්නවානේ.. ඔබ හට මා රාජ්‍යය ලබාදීමට ප්‍රමාද වන්නේ ඔබේ විවාහය නිසා. මා ඔබට යෝජනා කල කුමරිය තවමත් කුඩා දැරියක්. තව සිව් වසරකින් ඇය නිසිවයසට පත්වේවි. ඉන්පසුව ඔබගේ විවාහය සිදුවනු ඇති."

"ඇය තවමත් කුඩා දැරියක් නම් ඇය මා හට සුදුසු නොවන්නේ නොවේද?"

"ඇය ආශිර්වාද ලත් කුමරියයි.. එමෙන්ම ඔබේ ආත්මීය සහකරු ඇය. ඉදින් ඇය තමයි ඔබට සුදුසුම තැනැත්තිය." අධිරජු පවසා සිටියේ සතුටින්. කුමරුන් හට එම යෝජනාව ප්‍රතික්ෂේප නොකිරීමට හේතුව අධිරජුගේ එම සතුටු සිනහව වුණා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now