prologue

4K 371 6
                                    


"එසේනම් ඒ අනාවැකිය ඇත්ත වෙන්නයි යන්නේ?" අඳුරු කාමරයක රතු සහ රන්වන් පැහැ රාජකීය ඇඳුමකින් සැරසුණ තේජාන්විත පුද්ගලයෙක් එහාට මෙහාට ගමන් කරන ගමන් ඇහුවා.

දුරසිට බලාසිටින පුද්ගලයෙකුට පවා රජතුමාගෙ ඇස්වල ඇති කෝපය සහ නොසන්සුන් බව පැහැදිලිවම කියවගන්න පුළුවන් තරමට ගෝර්යො අධිරජු නොසන්සුන් වී තිබුණා.

"එහෙමයි අධිරජුනි, පූජනීය කන්දේ අනාවැකිකරුවන් පවසන අයුරින් ඔහු දැන් මව් කුසයක පිළිසිඳගෙන අවසන්. ඔවුන් පවසන පරිදි ඉතාම රූමත් රාජකීය යුවලකට දාව කුමරුන් බිනර මාසයේදි උපත ලබනු ඇති." ප්‍රධාන උපදේශක තුමා රජු ඉදිරියේ ප්‍රකාශ කරා.

"නම්ජුන්ට දන්වන්න වහාම මා හමුවන ලෙස. ඔබට යාහැකියි දැන්." රජු සිංහාසනයේ අසුන් ගන්න ගමන් අණකරා.

"එසේයි අධිරජුනි, අවසර." ප්‍රධාන උපදේශක පිටවී මොහොතකට පසු බුද්ධිමත් පෙනුමැති රාජකීය සෙබල ඇඳුමෙන් සැරසුන තරුණයෙකු රජු ඉදිරියේ පෙනීසිටියා.

"අවසර අධිරජතුමනි, ඔබ වහන්සේ මාව කැඳවූයේ?" රජුට ආචාර කිරීමෙන් පසු සේනාධිපති නම්ජූන් විමසා සිටියා.

"නම්ජූන් ඔබව කැඳවූයේ භාරදූර කාර්යයක් භාරදෙන්න. ඔබ අධිරාජ්‍ය තුල තිබෙන සියලුම කුඩා රාජධානි වල පිළිසිඳගෙන සිටින රැජිනියන් පිළිබඳව සොයා බැලිය යුතුයි. තව දෙමසකින් උපදින කුමරුවකු සිටින රාජ්‍යයක් සොයාගත් විගස ඒ පිළිබඳව මා හට දන්වනු."

"එසේයි අධිරජුනි, අවසර මට." නම්ජූන් රජු ඉදිරියේ දන නමා පිටත් වීමට අවසර ඉල්ලුවා.

"ඔබට අවසර. රහසිගතව කිසිවෙකුට සැක නොසිතෙන පරිදි ඔබ මේ කාර්යය සිදුකළ යුතුයි. මා ඔබවම මේ සඳහා යොදවන්නෙ ඔබ පිළිබඳව ඇති දැඩි විශ්වාසය නිසාවෙන්." රජු සෙන්පතිට අවසර දෙනගමන් පවසා සිටියා.

ඔබ පැවසුවා හරි පියාණනි. එසේනම් එය ඉශ්ඨ වීමටයි යන්නෙ. සෝයූන්, මං ඔබට පොරොන්දු වෙනවා කෙසේ හෝ අපගේ පුත්‍රයාව ආරක්ශා කරන බවට. ඔබ මෙන් ඔහු හට සමුගන්න ඉඩ දෙන්නෙ නැහැ මා." අධිරජ යුන්ගි, දෑස් වසාගෙන සුන්දර රුවක් සිතේ මවාගනිමින් සෙමින් මිමිණුවා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now