Emperor is a liar

1.2K 272 4
                                    


"හහ් හා! ඔබ මගේ අතේ දැන්." ජෙනී පැවසුවේ බිම වැතිරී සිටි ජන්ග්කුක් දෙස බලමින්. ඔවුන් සිතුවාටත් වඩා ජන්ග්සූන්ගෙ පැහැර ගැනීම සාර්ථක වූයේ ඇය නිසාවෙන්මයි.

"මොනතරම් ශෝකයක්ද අපගේ අධිරැජිනිය මෙසේ දුක්සහගත ලෙස සීතල පොලොවක් මත වැතිර සිටිනවා දැකීමත්?" ජෙනී හඬනගා සිනාසුනේ පසෙකින් සිටි මින්ජුන් දෙස බලමින්. ඇගේ සෙබලු මාලිගය වටකරමින් ආරක්ශාව ලබාදෙමින් සිටියා. මින්ජුන් ඇය පසෙකින් සිට ජෙනීගේ ආරක්ශාව සඳහ කැපවුණා.

"ජෙනී බිසව??" සිහි පැමිණි විගස ජන්ග්කුක් ඔහුගේ දෑස් පිසදමමින් අසා සිටියේ ඔහුට කුමක් සිදුවුණේ දැයි එක්වරම සිතාගත නොහැකි වූ නිසා.

"මා තමයි... ඔබේ සහ ඔබේ මහලොකු අධිරජුගේ මාරයා."

"ඔබ ඇයි මෙසේ කරන්නේ?" ජන්ග්කුක් ඇසුවෙ ජෙනී පිළිබඳව අනුකම්පාවෙන්.

"මට මේ අධිරාජ්‍යය අවශ්‍යයි. ඔබේ තනතුර මට අවශ්‍යයි. මමයි මේ අධිරාජ්‍යයේ අධිරැජිනිය විය යුත්තේ. ඔබ පැමිණ ඒ හීනය විනාශ කලා." ජෙනී කෝපයෙන් ජන්ග්කුක් වෙත කඩා පනිද්දි ජන්ග්කුක් තිගැස්සී ගියා.

"ඔබට අධිරැජිනිය වීමට අවශ්‍යයි නම් මා ටේහ්‍යුන්ග් අයියණ්ඩිට එය පවසා සිටින්නම්. "

"හහ් හා! අයියණ්ඩි? ඔබ දෙදෙනා බොහොම සමීපයි වගේ. නමුත් මෙය හොඳින් සිහි තබාගන්න, ඔබේ අහිංසක පෙනුමටයි කපටි කතාවලටයි සියලුදෙනා රැවටුනාට මා නම් රැවටෙන්නේ නැහැ. මට කරපු අසාධාරණකම් වලටයි මගෙ පියාණන් වෙනුවෙනුයි ඔබලාට වන්දි ගෙවන්න සිදුවෙනවාමයි." ජෙනීගෙ කෝපයෙන් පිරුණු කටහඬ අඳුරු කුටිය පුරාවට දෝංකාර දුන්නා.

"කෙසේද අප ටේහ්‍යුන්ග් පැමිණීමට පෙර ඔහුගේ ආදරවන්තිය සමඟ මදක් විනෝද වුවහොත්.?" ජෙනී කුරිරු සිනාවක් සමඟ පසෙකින් සිටි මින්ජුන් වෙතට හැරුණා.

"සෙබලෙක් රැගෙන එන්න." මින්ජුන් හට අහිංසක හා සුකොමල අධිරැජිනිය පිළිබඳව කණගාටුවක් දැනුනත් ජෙනීගෙ අණසකට පිටින් යාමට ඔහු හට නොහැකි වුණා.

මොහොතකට පසු ඔහු සාමාන්‍යය සෙබලෙක් සමඟ ජන්ග්සූන් සහ ජෙනී සමීපයට නැවත පැමිණුනා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now