You are going to be marry soon.

1.2K 282 6
                                    


ඔවුන් තිදෙනා ආපසු පැමිණෙන විටත් මුලු මාලිගයම කලබල වී ඔවුන්ව සොයන්නට පටන් ගෙන තිබුණා.

දුර තියාම ඔවුන් තිදෙනාව දුටු රාජකීය ප්‍රධාන ආරක්ෂකතුමා සැනසුම් සුසුම් හෙලුවා.

"ඔබ තිදෙනා කොයිබට අතුරුදන් වූවාද? සියල්ලන්ම ඔබව සොයා සිටියා." ඔහු සිය පුතු හෝසොක් දෙස රවා බලමින් අසා සිටියා.

"අයියණ්ඩි කිසිවක් කලේ නැහැ. මටයි රාජකීය මුලුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව පැවසූ දොළපාර බැලීමට අවශ්‍යය වූයේ." කුඩා කුමරිය තොල් උල් කරමින් පවසද්දී ආරක්ෂකගේ මුවට හීන් සිනහවක් නැගුනේ සියල්ලම අමතක කරමින්ය.

"හොඳයි හොඳයි. යමු.. පියාණන් ඔබව සොයාසිටියා." කුමරිය දිවවිත් ඔහුගේ දෑතෙහි එල්ලෙද්දි ආරක්ෂකතුමා පවසා සිටියේ මහත් සෙනෙහසකින්.

කුමරියට සියලු දෙනා සෙනෙහස දැක්වීමට හේතුව ඇගේ මේ ළෙංගතු හැසිරීම උනා. මේ පසුවන්නේ ඇයගේ වයසේ ගැහැණු දරුවන් සාමාන්‍යයෙන් විවාහ වන වයස වූවත් සියල්ලන්ටම ඇයව තවමත් ළදැරියක් සේ පෙනුනේ කුමරියගේ මේ හුරතල් හැසිරීම නිසාවෙන්.

"පියාණනි.." කුමරිය රජතුමා දුටුවිගස ඔහුගේ දෑතට දිවගියා. රජතුමා කුමරියව ඔසවා ගත්තේ මෙතෙක් පැවති සියලු සිත් සංකා අමතක කරදමමින්.

"ඔබ කොහිද ගියේ? පියාණන් සහ මෑණියන් බොහෝ බියවූවා." රජුගේ ගෙලවටා දෑත් යවා ඔහුට තුරුල් වූ කුමරියගෙන් රජු අසා සිටියා.

"මා හට රාජකීය මුලුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව පැවසූ දොළපාර බැලීමටයි උවමනා වූයේ. අයියණ්ඩි සහ ට්සූයු පැවසුවා ඒ සඳහා පළමුව ඔබෙන් අවසර ගතයුතුයි බව. නමුත් පියරජතුමා මා හට මාලිගයෙන් පිටතට යාමට අවසර නොදෙන බැවින් මා ඔවුන්ට බලකර සිටියා. සමාවෙන්න පියාණනි.. යළිත් එසේ නොකරමි."

"දැන් නම් ඔබේ දඟකාරකම හොඳටම වැඩියි කුමරියනි." කුමරියගේ කතාව අතරතුරදී පැමිණි රැජිනිය පවසා සිටියේ තරවටු ස්වරයෙන්.

"මෑණියනි... මගේ සුන්දර ආදරණීය මෑණියන් කෝප නොගත යුතුයි. එසේ නොවුනහොත් ඔබ ප්‍රධාන පාලිකාව මෙන් ඉක්මනින් වයසට යාවි." කුමරිය එසේ පවසද්දි සියලුදෙනාම තම සිනහව සඟවා ගන්නට වෙරදැරුවා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now