Back to scared mountain

1.5K 266 24
                                    


ඒ සිදුවීම් වලින් පස්සෙ මාසයක් විතර හරිම සාමකාමී විදිහට ගතවී ගියා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග් සම්බන්ධය පෙරටත් වඩා ශක්තිමත් වුණා. වසර දාහතකට පසු ජන්ග්කුක්ට ඔහුගේ සැබෑ ස්වරූපයෙන් ජීවිත් වීමට අවස්ථාව ලැබුණා. කුමරියකගේ වස්ත්‍රාභරණ වෙනුවට කුමරෙකුගේ වස්ත්‍ර වලින් සැරසුණත් ජන්ග්කුක්ගෙ සුන්දර සියුමැලි මුහුණ නිසාවෙන් සියල්ලන්ටම ජන්ග්කුක් සහ ජන්ග්සූන් අතර වැඩි වෙනසක් පෙනුනෙ නැහැ. අනෙක් කාරණය, ජන්ග්කුක්ගෙ මුහුණ එන්න එන්න දිදුලන්න ගත්තා... හරියට පුන් සඳක් වගේ. ඔහු දෙස බැලීමෙන් පවා සියල්ලන්ගේම සිත් නිවී ගියා. ඒ වගේම ජන්ග්කුක්ගෙ සුවපත් කිරීමේ බලය නිසා බොහෝ දෙනෙකුගේ දිවි සුරැකුණා. ඉදින් සියලුදෙනාම ඔවුන්ගේ අධිරැජිනියට බොහෝ ගරු කලා, ආදරේ කලා.

කාලය ගතවෙද්දි, ජන්ග්කුක්ගෙ හැසිරීම මදින් මද වෙනස් වෙන්නට ගත්තා. ඔහු කලින් ප්‍රිය නොවූ ආහාර දැන් මහත් ආශාවෙන් භුක්ති විඳිනවා. එසේම කුඩා දෙයටත් හිත රිදවාගෙන කෑගසන්න ගත්තා. නමුදු ඒ කෑගැසීම මඳකින් හැඬීමකට පෙරලෙනවා. එවන් මොහොතකදී ජන්ග්කුක්ව සන්සුන් කිරීම මහත් අපහසු කාර්‍යයක් වුණා. ඉදින් ජන්ග්කුක්ගෙ මේ වෙනස් වීම සෙස්සන්ව බියපත් කලා. ටේහ්‍යුන්ග් එවැනි අවස්ථාවන්හිදී, ජන්ග්කුක් සමඟ බොහෝ ඉවසීමෙනුයි කටයුතු කලේ. නමුත් පහුවුන දින කිහිපයෙදි ජන්ග්කුක් අහාරයට ගන්නා සෑමදේම වමනය කරන්න පටන් ගත්තා. ඔහු ප්‍රිය නැති ආහාරයක් දුටුවහොත් හෝ එවන් ආහාරයක සුවඳ දැනුනහොත් ජන්ග්කුක් ඒ මොහොතෙම වමනය කරනවා. මේ නිසා රාජකීය වෙදදුරුහට ජන්ග්කුක්ව පෙන්වා සිටියත් ඔහු හට කිසිදු රෝගයක් නැති බව ඔහු පවසා සිටියා.

( A/N; ජන්ග්කුක්ට තියෙන්නෙ සුවපත් කිරීමේ බලයක්. ඒත් එක්ක පොඩි කාලෙ ඉඳන් ඉගෙන ගත්තු දේවල් පිළිබඳව යම් දැනුමක් තිබ්බත් රෝග විනිශ්චය පිළිබඳව මහා ලොකු දැනුමක් ජන්ග්කුක්ට තිබ්බෙ නෑ. ඔහුට පුළුවන් උනේ මනස ඒකාග්‍රතාවයට අරගෙන කෙනෙක්ගෙ ඕනෙම රෝගයක් මානසික ශක්තියෙන් සුවපත් කිරීම.)

රාජකීය වෙදදුරුතුමා එසේ පැවසූ නිසාවෙන් ටේහ්‍යුන්ග් ඒ පිළිබඳව හිත හදාගෙන සිටීමට සිතා ගත්තත්, ජන්ග්කුක් දෙවරක්ම ක්ලාන්ත වී ඇදවැටීමට ගියාට පසුව නම් ඔහුගෙ ඉවසීමේ සීමාව පැන්නා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now