Who is jungkook?

1.2K 242 8
                                    


කාලය සෙමෙන් සෙමෙන් ගතවී තුන්මසක් නික්මුණා. ජන්ග්සූන් සහ යුන්ගි අධිරජු බෙහෙවින් සමීප වුණා. අධිරජුගෙ සෞඛ්‍ය තත්ත්වය පවා යහපත් අතට හැරෙන්න ගත්තා. එසේම ජිමින් ජන්ග්කුක් ට්සූයු සහ හෝසොක් හොඳම මිතුරන් බවට පත්වුණා. ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක් අතර බැඳීම ශක්තිමත් වුණා. ටේහ්‍යුන්ග් කුමරියට සෙමෙන් සෙමෙන් බැඳෙන්න ගත්තා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග් හට බොහො සේ ළෙංගතු වුණා. සෑම දිනකම උදෑසන ටේහ්‍යුන්ග් රාජසභාවෙ කටයුතු වලට නික්මෙද්දි ජන්ග්කුක් ඇගේ පුහුණුවීම් වලට නික්මුණා. සන්ධ්‍යා වරුවෙ මිතුරන් අතර හමුවීමක් හෝ අධිරජ යුන්ගි සමඟ සංවාදයේ යෙදෙමින් ගතවුණා. රාත්‍රියේදී ටේහ්‍යුන්ග් සෑමදිනකම කුමරිය මුණගැසීමට ඇගේ කුටියට පැමිණියා. බොහෝ දිනවල ටේහ්‍යුන්ග් ඇගේ කුටියේ රැය පහන් කලා. නමුත් අහිංසක සියුම් සිපගැන්මකින් එහාට ඔවුන් ගියෙ නැහැ. ටේහ්‍යුන්ග් කෙසේවෙතත් වන්ටේ හට සිය සහකරුගෙ පූර්ණ අයිතිය ලබාගත නොහැකි වීම ඉවසා සිටිය නොහැකි කරුණක් වුණත් තවමත් සුරතල් කුමරියව රිදවන්න ටේහ්‍යුන්ග් හට උවමනා වුණේ නැහැ.
.
.
.
.
.
.
.

"කුමරියගේ රහස තවමත් හෙලි නොවීම නම් වාසනාවක්." හෝසොක් පැවසුවේ රාජකීය උද්‍යානය අලංකාර කල වසර ගණනාවක් පැරැණි චෙරි රුක පාමුල චෙරිමල් වර්ෂාවෙ එහෙ මෙහෙ දිවයන ජන්ග්කුක් දිහා බලාගෙන.

"ඇය වාසනාවන්තයි ටේහ්‍යුන්ග් අධිරජු වන් ස්වාමියෙක් ලබන්න." ට්සූයු හෝසොක් සමඟ එකඟ වුණා.

"කෙසේවෙතත් කුමරියගෙ රහස හෙලිවූ දිනෙක ඔවුන් සියලු දෙනාම වෙනස් වේවි කියා සිතෙද්දි මා හට මහත් බියක් දැනෙන්නෙ."

"මා හටත් එසේමයි. දැන් තුන්මහක් ගෙවී ගොස් අවසන්. නොබෝ දිනකින් යුන්ගි අධිරජු මුණුබුරෙක් ඉල්ලා සිටීවි. ජන්ග්කුක් රටේ අධිරැජිනිය. ඔහු හට ඔටුන්නට උරුමකරුවකු ලබාදීමට සිදුවනවාමයි. නමුත්.."

"අපේ ජන්ග්කුක් පිරිමි දරුවෙක්." හෝසොක් ට්සූයු අතරමගදී නවතන ලද වාක්‍ය සම්පූර්ණ කලා.

"හ්ම්ම්.." ට්සූයු දිග සුසුමක් හෙලන ගමන් නැවතත් හෝසොක් දෙසට හැරුණා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now