Jennie's mission

1.3K 261 8
                                    


"මා ඔබලාට කෙදිනකවත් සතුටින් ජීවත් වන්න ඉඩ තබන්නේ නැහැ. මගේ අන්තිම හුස්ම යන තුරුත් මා පලිගන්න අදහස අතහරින්නෙ නම් නැහැ. සියලුදෙනාගෙන්ම මා නිසැකවම පලිගන්නවාමයි... නියතයි එය." ජෙනී තමාටම දිවුරුම් දුන්නේ ඈතින් සිටින යුන්ගි අධිරජු සහ ජන්ග්සූන් අධිරැජිනිය දෙස නෙත් යොමු කරමින්.

"බිසවුනි, මින්ජුන් උතුමාණන් පැමිණ සිටින්නෙ." ජෙනීගෙ සේවිකාවක් පැමිණ ඇයට දැනුම් දුන්නා. ඒ ඇසූ ජෙනීගෙ තොල් අග සිනහවක් මතුවුණා.

"ඔබව නැවතත් දැකීම සතුටක්." ජෙනී ඇගේ කුටිය තුලට ඇතුල් වෙත්ම ඈ දෙසට හැරුණ හැඩිදැඩි කඩවසම් තරුණයා එසේ පැවසුවා.

"මටත් ඔබව හමුවීම සතුටක්." ජෙනී සරාගී සිනහවක් සමඟ පවසා සිය සේවිකාවන්ට කුටියෙන් පිටතට යන ලෙස සන් කලා.

සියල්ලෝම පිටවන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටි මින්ජුන් ජෙනී සමීපයට ළංවුණා.

"කුමක් සඳහාද ඔබට මා හමුවීමට අවශ්‍යය වූයේ මාගෙ කුමරියනි?" මින්ජුන් පහත් හඬකින් ඇසුවේ ජෙනීගෙ තොල් කොනක් ස්පර්ශ කරන ගමන්.

"මා පසුව එය පවසන්නම්. මා හට වෙනත් යමක් අවශ්‍යයි දැන්." ජෙනී හිමීට මුමුණන ගමන් මින්ජුන්ගෙ තොල් වලට නැඹුරු වුණා.
.
.
.
.
.
.
.

සිහින් කෙඳිරිලි මධ්‍යයේ ගෙවී ගිය උණුසුම් හෝරාවකට පසු ජෙනී මින්ජුන් දෙසට හැරුණේ සිය නිරුවත් පපුව ඇඳ ඇතිරිල්ලෙන් වසාගනිමින්.

"මා හට ජන්ග්සූන් අධිරැජිනියව මරාදැමීමට අවශ්‍යයි." ජෙනී පවසද්දි මින්ජුන්ගෙ දෑස් විසල් වුණා.

"නමුත්.. කෙසේද එසේ කරන්නේ? එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. අනෙක් අතට ඔබ මාව නැවතත් කැඳවා සිටි හෙයින් මා සිතුවෙ ඔබ ටේහ්‍යුන්හ් පිළිබඳව අදහස අත් හැරගෙන ඇති බවයි. නමුත් පෙනෙන විදිහට නම් එය එසේ නොවෙයි." මින්ජුන්ගෙ මුහුණේ හා දෑස් වල හැඟීම් වලින් ඔහුගේ සිත රිදී ඇති බව හොඳින් පැහැදිලි වුණා.

"මා ටේහ්‍යුන්ග්ට වඩා මේ අධිරාජ්‍යයටයි කැමති මින්ජුන්. ඔබ හොඳින්ම එය දන්නවනේ. එසේම මා අදහස වෙනස් කරා. අප දෙදෙනා එකට එකතු වී කටයුතු කලහොත් අපට හැකියි මේ අධිරාජ්‍යයේ පාලනය අපේ අතට ගන්න. එසේ වුවහොත් අනාගතයේදී අප දෙදෙනා හට සැනසීමෙන් සිටිය හැකියි." ජෙනී පවසන දෙයෙහිත් සැබෑවක් ඇති බව මින්ජුන් හට වැටහුණා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now