Jungkook's healing power

1.2K 256 5
                                    


"හොඳ හුස්මක් ඉහළට ගන්න. දැන් ඒක පිටකරන්න. ආයෙත් හොඳ හුස්මක් ගන්න, පිටකරන්න. මනස සන්සුන් කරගෙන හිතේ ශක්තිය වෙත අවධානය යොමු කරන්න. ඔබට එය කළ හැකියි." ජිමින් ජන්ග්සූන්ට උපදෙස් දුන්නෙ ඇයගෙ හිත සන්සුන් කරල මනස ඒකාග්‍රතාවයට පත් කරගන්න.

ජන්ග්සූන්ව සිර කුටියෙන් මුදාගත් පසු ඔවුන් සියල්ලෝම කෙලින්ම ආවෙ යුන්ගි අධිරජු සමීපයට. රාජකීය වෙදදුරන් හට තවමත් අධිරජුගෙ අසනීප තත්ත්වය පිළිබඳව නිසි අදහසක් තිබුණේ නැහැ. ඔවුන් ජිමින් හට ඉඩදුන්නෙ යුන්ගි අධිරජු මුණගැසීමට අවශ්‍යය බව ඔහු පැවසූ නිසා. ජිමින් ජන්ග්සූන් සමඟ අධිරජු සිටි කුටියට පිවිසුණ නමුත් කුමක් කල යුතුද යන්න පිළිබඳව කිසිදු අදහසක් ජන්ග්සූන් සතුව තිබුණේ නැහැ. ඇය වෙදහෙද කටයුතු වලට දක්ශතාවයක් දැක්වූවත් අධිරජුගේ තත්වය සාමාන්‍ය නොවූ නිසාවෙන් කුමක් කල යුතුද යන්න ඇයට වැටහුණේ නැහැ.

"ඇයි මා එසේ කල යුතු වන්නේ ජිමින් අයියණ්ඩි?" ජන්ග්සූන් අසද්දි ජිමින් ඇය දෙස බලා සුසුමක් හෙලුවා.

"ජන්ග්කුක්!" ජිමින් කියද්දි ජන්ග්සූන්ගෙ දෑස් බියෙන් විසල් උනා.

"බියවීමට අවශ්‍යය නැහැ. මා ඔබ පිළිබඳව සත්‍යය දන්නවා. මා ඒ පිළිබඳව පසුව පවසා සිටින්නම්. මා දන්නවා ඔබ සාමාන්‍යය කෙනෙකු නොවන බවත්. ඔබට හැකියි ඔබේ මායා බලයෙන් අධිරජුව සුවපත් කරන්න. ඔබට තියෙන්නේ සාමාන්‍ය වෙදකම් හැකියාවක් නොවෙයි. ඔබේ මායා බලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඔබ සහ ටේහ්‍යුන්ග් ලිංගිකව එක්විය යුතුයි. නමුත් ඔබට ඒ හැකියාව තියෙනවා. ඔබේ මායා බලය පිවිතුරුයි. ඒ නිසා එයට අඳුරු මායාවන් සමඟ සටන් කිරීමට ශක්තිය තියෙනවා. ඔබ මට පැවසුවානේ ඔබත් යුන්ගි අධිරජු පානය කල තේ පැන් පානය කලත් ඔබට කිසිවක් නොවුණ බව. එය සැබෑවක්. වෙදදුරු අඳුරු මායාවන් පිළිබඳව නොදන්නා නිසයි ඔහු අධිරජුට විෂක් ශරීර ගතවී ඇති බව පැවසුවේ. නමුත් සත්‍යය නම්, යම් කිසිවෙකු හෝ අධිරජු හට අඳුරු මායාවක් සිදුකලා. ඔවුන්ගේ ඒ මායාව රජුගේ ශරීරයට ඇතුළු කිරීමට නම් මන්ත්‍රය ජපකල බෙහෙත් ගුලියක් රජුට ලබාදිය යුතුයි. එයයි සිදුවුණේ. ඔවුන් මායාව සිදුකලේ යුන්ගි අධිරජු හට පමණක් නිසා එහි බලපෑම තියෙන්නෙත් ඔහුට පමණයි. එය අන් අයෙකුගේ ශරීරගත වීමෙන් කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. ඔබේ යහපත් මායාවෙන් එය විනාශ කල හැකියි.මා හට එය විශ්වාසයි. ඔබට යුන්ගි අධිරජු ඔබගේ පියාණන් වැනියි නොවේද? ඒ නිසා හැකි උපරිමයෙන් උත්සාහ කරන්න." ජිමින්ගෙ වදන් ජන්ග්කුක්ගෙ හිත ධෛර්යමත් කලා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now