Tzuyu and hoseok 💎💋

1.1K 257 5
                                    


"ඉදින් මාලිගයේ ජීවිතය කෙසේද?" රැජිනිය ට්සූයු සමඟ කතා කිරීමට  නොවිසිල්ලෙන් පසුවුන බව ඇගේ නොසන්සුන් දෑස් සාක්ෂි දැරුවා.

අධිරාජ්‍යයේ සිට පැමිණි සියල්ලෝම පැය කිහිපයක් විවේක ගත්තා. ඔවුන් පමණක් නොවේ ඔවුන් සමඟ පැමිණි අශ්වයන් හටද ජලය සහ ආහාර ලබාදීමෙන් පසු ඔවුන්ටද විවේක ගන්නට සැලැස්වුවා.

පැය කිහිපයකට පසු ට්සූයු අවදි වුණා. ඒත් සමඟම යූරි රැජිනිය යුන්හී නැතහොත් ට්සූයුගෙ මෑණියන් සමඟ ට්සූයු හමුවීමට පැමිණියා.

"රැජිනියනි, ඔබට කණගාටු වීමට කිසිවක් නොවේ. එමනිසා කලබල නොවන්න." ට්සූයු මඳ සිනාවක් සමඟ පැවසුවේ රැජිනියගේ සහ ඇගේ මෑණියන්ගේ සිතට සැනසීමක් ලබාදෙමින්.

"කිම් ටේහ්‍යුන්ග් අධිරජු අප අසා තිබුණාට වඩා බෙහෙවින් කරුණාවන්ත අයෙක්. අපේ ජන්ග්සූන් හට ඔහු බොහෝ ළෙංගතුයි. එනිසා ඔහු ජන්ග්සූන් හට කෙටි කාලයක් ලබාදුන්නා ඒ පරිසරයට හුරුවෙන්න. ඉදින් කුමරුන්ගේ රහස තවමත් ආරක්ෂිතයි. එසේම අධිරජ මාලිගයේ සියලු දෙනාම අපේ කුමරුන්ට ඉතාමත් හිතවත්. යුන්ගි අධිරජතුමා පවා ඔහුට සෙනෙහෙවන්තයි. ඉදින් මා සිතන්නේ රහස හෙලි උනත් අපේ කුමරුන් හට කිසිදු අනතුරක් නොවේවි." ට්සූයු පවසද්දි රැජිනිය සැනසුම් සුසුමක් හෙලුවා.

"සූර්‍ය දෙවිඳුන්ට පින් සිදුවන්න සියලු දේ යහපත් ලෙස විසඳුනා." යුන්හි එසේ පවසද්දි රැජිනත් ඇයට එකඟ උනා.

"එ.. එසේම.. මා.. හට ත..වත් දෙයක් පැ..පැවසීමට අවශ්‍යයි." ට්සූයු පැටලෙමින් පවසද්දි යුන්හි සහ රැජිනිය නැවතත් ඇය දෙසට අවධානය යොමුකලා. ට්සූයුගෙ කොපුල් රත් පැහැ ගැන්වී තිබුණා. ඇය කෝලයෙන් පසුවන බව බලන ඕනෑම අයෙකුට පහසුවෙන් වටහාගත හැකිවුණා.

"කුමක්ද?" යුන්හි ඇසුවෙ ට්සූයු තවදුරටත් නිහඬවම පසු උන නිසාවෙන්.

"මේ.. මා සහ හෝසොක් අයියණ්ඩි... උම්.. අප දෙදෙනා පෙම්වතුන්." ට්සූයු එසේ පවසා දෙනෙත් තද කර පියාගත්තෙ මෑණියන් කුමක් කියයිද කියලා බියෙන්. ඒත් රැජිනියගේ සහ යුන්හිගෙ මුහුණු වල සුන්දර සිනහවක් මතු වුණා.

ආශිර්වාද ලත් කුමරා ~!TK!~ ✔️Where stories live. Discover now