❄06

213 25 92
                                    

I may seem like I don’t have any worries
But I have a lot to say.
***

.
.

Miracles In December: Chapter 06

.

පුංචි කිස් එකකට අැත්තටම මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද.. යෙහෙලි වගේම chanyeolත් ලෝක දෙකක අතරමං වෙලා හිටියෙ පාර හොයා ගන්න බැරි තරමටම..

දන්නවද.. එ් වගේ පුංචි දෙයක් අපි නොහිතන විදියට කෙනෙක්ට මහ මෙරක් තරම් වටිනවා වෙන්න පුලුවන්.. තව කෙනෙක්ට එ්ක සාමාන්‍ය දෙයක් වෙන්නත් පුලුවන්.. එ්වගේම තවත් කෙනෙක්ට මුලු ජීවිත කාලෙ පුරාවටම වෙෙර කරන්න හේතුවක් වෙන්න පුලුවන්.. එ්ක තීරණය වෙන්නෙ එ් අවස්ථාව වගේම එ් කෙනා අනුව..

චුට්ටක් හිතන්නකො.. බැරි වෙලා හරි මේ kiss එක Sohee ගෙන් chanyeolට හම්බුනා නම්.. තමන් මේ ලෝකෙන් වැඩියම වෙෙර කරන කෙනා වුන Soheeගෙන් එ් වගේ දෙයක් ලැබුනොත් chanyeol, sohee ට තව තවත් වෙෙර කරයි... මුලු ජීවිත කාලෙටම... soheeව දකින දකින වාරයක් පාසා chanyeolට එ්ක මතක් වේවි.. පුංචි දෙයක් වුනත් ජීවිතේ වුන අප්‍රසන්නම මතක ගොඩට කොල්ලා එ්කත් එකතු කර ගනීවී.. එ්ත් මේ කිස් එක යෙහෙලි මිතූට දුන්න එකක් නම්.. එ්ක එ් දෙන්නාට එදිනෙදා යාලුවො දෙන්නෙක් අතර වෙන සාමාන්‍ය දෙයක් වේවි.. කිසිම විශේෂයක් නැති...

එ්ත් මේක යෙහෙලිට ලැබුනෙ වෙන කාගෙන්වත් නෙවෙයි.. Chanyeolගෙන්.. අවුරුදු ගානක් තිස්සෙ හැමෝටම හොරෙන් අාදරේ කරන.. කාලයක් තිස්සෙ අැස් දෙකෙන්ම එ් රූපෙ දකින්න පෙරුම් පිරුව.. දුරින් ඉදන් බලාගෙන හිටිය.. දුරින් ඉඳන් පරිස්සම් කරපු.. එක හිනාවකින් වුනත් මුලු ජීවිතේම එලිය කරන්න හේතු වුන කෙනා... යෙහෙලිට chanyeol කියන්නෙ එහෙම කෙනෙක්.. පිටින් බලන් ඉන්න කෙනෙක් විහිලුවක් කියලා හිතුවත් ුඑ් වගේ කෙනෙක්ගෙන් හම්බෙන පුංචි ස්පර්ශයක් පවා කෙනෙකුට මුලු ජීවිතේම වෙන්න පුලුවන්.. එතකොට එ් කිස් එක පුංචි වුනත් යෙහෙලිට එ් තරම් විශේෂ වුනේ අැයි කියලා තේරෙනවානෙ..

අනිත් පැත්තෙන් කොල්ලාට යෙහෙලි කියන්නෙ අහම්බෙන් හමුවුන එ්ත් ටික කාලෙකින් මුලු හිතම හොරා ගත්ත කෙනෙක්.. කෙල්ල යන යන දිහාවට අැහැ දුවවපු හැටි... කෙල්ල බලද්දි අනිත් පැත්ත හැරිලා මුකුත් නොකරපු ගානට හිටපු හැටි... කෙල්ලට නොදැනෙන්න කෙල්ලව පරිස්සම් කරපු හැටි.. කෙල්ල හිනාවෙනකොට හොරෙන් බලාගෙන කොල්ලා සතුටු වුන හැටි දන්නෙ කොල්ලාම විතරයි.. කොල්ලාට ඕන වුනත් කෙල්ලව ලඟින් තියාගෙන පරිස්සම් කරන්න, කියලා නිම කරන්න බැරි බාධක ගොඩකින් එ්කට වැට කඩොලු බැඳලා තිබුනෙ.. එ්ත් අාදරේට වැට කඩොලු බඳින්න බෑ කියනවා වගේ කොල්ලාට තවත් හැඟීම් පාලනේ කරගෙන ඉන්න පුලුවන් වුනේ නෑ.. මාස ගානක් තිස්සෙ හිතේ හිර කරන් ඉන්න හැඟීම් කොල්ලාට තවත් උහුලන්න බැරි තරමටම බර වැඩියි වගේ කොල්ලාට දැනුනා... බලහත්කාරෙන්ම තව කෙනෙක්ගෙ ජීවිතයක් එක්ක බැඳෙන්න සිද්ද වෙලා තියෙද්දිත් කොල්ලාට ඕන වුනෙ එකම එක සැරයක් හිතේ තියෙන හැඟීම් කෙල්ල ඉස්සරහා කියන්න.. කොල්ලාගෙ වචන වලට කෙල්ලගෙ ප්‍රතිචාරෙ කොහොමද කියලා බලන්න.. එ් අැස් අැතුලෙ හැංගිලා අැත්තටම කොල්ලා ඉන්නවද කියලා බලන්න... එ්කයි මුලු ලෝකෙම ටිකකට අමතක කරලා කොල්ලාට හැම දෙයක්ම යෙහෙලි එක්ක කියන්න ඕන වුනේ..

Miracles In December [ONGOING]Where stories live. Discover now